යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා බෙලරුස්හිදී ආරම්භ වේ

යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy හට වහාම සටන් විරාමයක් අවශ්‍ය නමුත් ක්‍රෙම්ලිනය අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න තවම පැහැදිලි නැත.
යුක්රේන ජනාධිපති උපදේශක Mykhailo Podolyak වාර්තා කරණ අයුරින්, යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා දැන් බෙලරුස් දේශසීමාවේ සිදු වෙමින් පවතී. මෙම සාකච්ඡා පවත්වන්නේ යුරෝපයේ යුද්ධය එහි පස්වන දිනට එළැඹ තිබියදීය.
යුක්රේන ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ එහි ප්‍රධාන ඉලක්ක වන්නේ ක්ෂණික සටන් විරාමයක් සහ රුසියානු හමුදා ඉවත් කර ගැනීම බවයි. සාම දූත පිරිසට ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් සහ ජනාධිපති උපදේශක මයිකයිලෝ පොඩොල්යාක් ඇතුළත් වේ.
රුසියානු දූත පිරිසේ ප්‍රධානී ව්ලැඩිමීර් මෙඩින්ස්කි පැවසුවේ, “සෑම පැයකම ගැටුම් යුක්රේන සොල්දාදුවන් අතර නව ජීවිත හානි ගෙන එන බැවින්, හැකි ඉක්මනින් එකඟතාවයකට පැමිණීමට අපි නිසැකවම උනන්දු වෙමුයි” යන්නයි
“නමුත් මෙම සාම ගිවිසුම් දෙපාර්ශවයේම යහපත සඳහා විය යුතුයි,” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම රැස්වීම Gomel හි Rumyantsev-Paskevich නිවහනේදී පැවැත්වෙන බව බටහිර මාධ්‍යය පවයි.
යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy සඳුදා යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ යුක්රේනයට රුසියානු හමුදා ආක්‍රමණයෙන් ආරක්ෂා වන බැවින් වහාම විශේෂ ක්‍රියා පටිපාටියක් යටතේ තම රටට සාමාජිකත්වය ලබා ගැනීමට ඉඩ දෙන ලෙසයි.
“අපගේ ඉලක්කය වන්නේ සියලුම යුරෝපීයයන් සමඟ සිටීම සහ වඩාත්ම වැදගත් දෙය සමාන වීමයි. එය සාධාරණ බව මට විශ්වාසයි. අපි එයට සුදුසු බව මට විශ්වාසයි,” ඔහු සමාජ මාධ්‍යවල බෙදාගත් වීඩියෝ කතාවකදී පැවසීය.
කෙසේ වෙතත්, රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, යුක්රේනයේ ගිනිකොනදිග Zaporizhzhya කලාපයේ Berdyansk සහ Enerhodar නගර මෙන්ම Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය අවට ප්‍රදේශය තම හමුදා අත්පත් කරගෙන ඇති බව Interfax වාර්තා තුළින් සනාත කරයි. තවද බලාගාරයේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදු වූ බවද එහි සඳහන් වේ.
එහෙත් බටහිර ප්‍රවෘත්ති ඒජන්සියට අනුව න්‍යෂ්ටික බලාගාරය රුසියාව අතට පත් වූ බවට වාර්තා වන වාර්තා යුක්රේනය ප්‍රතික්ෂේප කරන්නේය. පසුගිය සතියේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු 500,000 කට වැඩි පිරිසක් යුක්රේන යෙන් පලා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් රට ආරක්ෂා කිරීම සඳහා සටන් අත්දැකීම් ඇති සිරකරුවන් සිරෙන් නිදහස් කරන බව ද සෙලෙන්ස්කි මහතා පැවසා තිබේ. සාමයට අතවනමින් යුක්රේනය ගිනි බෝම්බ සෑදීමට මිනිසුන්ද පුහුණු කරණ අතරම නගරය ආරක්ෂා කිරීමට කැමති ඕනෑම කෙනෙකුට බලධාරීන් ආයුධ ලබාදීමද නොනවත්වාම කරගෙන යන්නේය.
සටහන: Ashoka Peiris – (CSNA)
ඡායාරූප: Reuters: Sergei Kholodilin/BelTA සහ
AP: Andreea Alexandru

Leave a Reply

Your email address will not be published.