සමීපම කෙනා දුරස් වුණොත්…
තනිකම කියන්නෙ කවුරුත්ම ළඟ නැති වෙලාවක දැනෙන හැඟීමට නෙමෙයි. හැමෝම ළඟ ඉඳිද්දිත් ‘මං තනිවෙලා’ කියලා දැනෙන හැඟීමට. දන්නව ද එහෙම හැඟීමකට පුළුවන් මනුස්සයෙක්ව මරන්න. අරහෙන් මෙහෙන් ප්රශ්න අපිව වට කරගෙන තළද්දිත් අපි හැමෝම ඉස්සරහ හිනාවෙලා ඉන්නවා, මුකුත්ම නොවුණ ගාණට. එහෙම ඉන්න ගොඩක් වෙලාවට මගේම කියලා කෙනෙක් ළඟින් ඉන්න ඕනි. අර කියපු ප්රශ්න, කරදර, හිතේ සැනසීමක් නැතිකම, මේ හැම දේම අස්සෙ ළඟින්ම ඉඳපු කෙනත් දුරයි වගේ දැනුණොත්? ඒ හැඟීම මොන වගේ වෙයි ද?
හැම දේම දරාගෙන, හංගගෙන, යටපත් කරගෙන, ප්රශ්න නෑ වගේ ඉන්න අපිට පුළුවන්, අපේම කෙනෙක් හිත අද්දරින් ඉන්නවා නම්. මුහුදු හතෙන් එහා හිටියත් හිතින් ළඟයි කියලා හිතෙන මනුස්සයෙක් අපි හැමෝගෙම ජීවිතවලට ඉන්න ඕනි.
එහෙම දවස්වල අපිට බැහැ ප්රශ්න යටපත් කරන් හිනා වෙන්න. මීට වඩා හොඳයි මැරුණ නම් කියලා හිතුණ වාර අඩු-වැඩි වශයෙන් හැමෝටම ඇති. එහෙම හිතෙන්නෙ අර කිව්ව විදිහට දරා ගන්න බැරි ප්රශ්න, සාංකාව, පාළුව, තනිකම, නොසන්සුන්කම, වේදනාව, ලෙඩ මේ ඔක්කොම එක සැරේම බෝම්බයක් වගේ ඉහ මුදුනට කඩාවැටුණා ම. හැම දේම දරාගෙන, හංගගෙන, යටපත් කරගෙන, ප්රශ්න නෑ වගේ ඉන්න අපිට පුළුවන්, අපේම කෙනෙක් හිත අද්දරින් ඉන්නවා නම්. මුහුදු හතෙන් එහා හිටියත් හිතින් ළඟයි කියලා හිතෙන මනුස්සයෙක් අපි හැමෝගෙම ජීවිතවලට ඉන්න ඕනි.
මොනම වෙලාවකදිවත් හිතින් තනි නොකරන මනුස්සයෙක් අපේ ජීවිත කඩාවැටෙන වෙලාවෙදි අපිට ඉන්නම ඕනි. ඒ කෙනා දුරස් වෙලා නම් මිනිස්සු කෝටියක් මැද දැනෙන්නෙත් ‘මං තනිවෙලා’ කියන හැඟීම. භෞතිකව කොච්චර සැප සම්පත් වින්දත් අන්න ඒ කිව්ව හැඟීමට පුළුවන් ඕනිම මනුස්සයෙක්ව අන්ත අසරණ යාචකයෙක් කරන්න; කාත් කවුරුත් නැති අනාථයෙක් කරන්න. ඇත්තටම හිතට දරා ගන්නම බැරි සමීපම කෙනා දුරස් වෙනවා කියන හැඟීම.
චමෝදි පෙරේරා