රත්තරන් නැති කළේ ප්‍රභාත් ද?

නේපාලයේ කත්මණ්ඩු හී දී නිමාව දුටු දකුණු ආසියානු තරගාවලියේ දී ප්‍රභාත් මධුශංකට ශ්‍රී ලංකාවට පාපැදි ඉසව්වේ රන් පදක්කමක් අහිමි කළ බවට චෝදනා එල්ල වී ඇත. ඉන්දියාවේ 2016 පැවැති දකුණු ආසියාතික තරගාවලියේදී කැපී පෙනුණු ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා පාපැදි කණ්ඩායම්වලට මේ වසරේදී කිසිදු රන් පදක්කමක් හිමි නොවීම සම්බන්ධයෙන්  පාපැදි පරිපාලනයට විවේචන එල්ල වෙමින් තිබියදී, පාපැදි පුහුණුකරු උපාලි රත්නායක මගින් ප්‍රභාත් මධුශංකට චෝදනා එල්ල වී ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව ද සහතික කළේය.                                      

කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවට අත්වීමට ප්‍රභාත් මධුශංක තරගය තුළ සැලසුමෙන් පිට කටයුතු කිරීම හේතු වූ බව පුහුණුකරුවා පෙන්වා දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත් ජාතික ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සනාථ කළේය.                          

තරගාවලියට පෙර පාපැදි ක්‍රීඩකයන්ට පුහුණු වීමේදී ලබා දෙන පහසුකම් සම්බන්ධයෙන් පාපැදි පරිපාලනයට චෝදනා එල්ල වූ අතර, ක්‍රීඩිකාවන්ගේ නවාතැන් සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග අළලා යම් යම් විනය චෝදනාවන් නිලධාරීන්ට ද එල්ල විය. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ද ඇතැම් චෝදනාවන්වලින් පාපැදි පරිපාලනයේ සහ පුහුණුවේ දෝෂ උලුප්පා දක්වා තිබිණි. මේ සියලු චෝදනා සම්බන්ධයෙන් ද ප්‍රභාත් සම්බන්ධ පරීක්ෂණය සමගම පරීක්ෂණ සිදු විය යුතු බව ක්‍රීඩා අමාත්‍යාංශ බලධාරීන්ට ‘ලංකා’ යෝජනා කරන්නේය.

ජේ. නරේන්ද්‍ර

සබැඳි

Leave a Reply

Your email address will not be published.