“අයිඑම්එෆ් එකෙන් ලොකුම ණය ගත්තේ මහින්දගේ ආණ්ඩුව”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ආණ්ඩුවට කිසිදු ගැටළුවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක, ඇමැති රමේෂ් පතිරණ පවසයි.
එම ආයතනයෙන් මූල්‍ය සහාය ලබාගැනීම පිළිබඳව ආණ්ඩුව විවෘත මනසකින් බලන බව ද ඔහු සඳහන් කරයි. රටේ පවතින මුල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිහිට පැතීම ප්‍රතික්ෂේප නොකරන ආණ්ඩුව, ඉදිරියේදී අවශ්‍ය වුවහොත් මුල්‍ය අරමුදල වෙත යනු ඇති බවත් පසුගිය වසර 50 කට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් 29 වතාවක් ණය ලබාගෙන ඇති අතර, විශාලම ණය මුදල ලබාගෙන තිබෙන්නේ 2009 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ බවත් රමේෂ් පතිරණ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණව තිබූ සංචාරක කර්මාන්තය හරහා ලැබෙන විදේශ විනිමය ඉහළ යමින් තිබෙන බව පෙන්වා දෙන ඇමැතිවරයා, විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් හරහා ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණයද ඉහළ යමින් පවතින බව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.