දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබේ

අයිඕසී මෙන්ම සිපෙට්කෝ පිරවුම් හාල් ජාලා ද්විත්වයේම මෙම තත්ත්වය දක්නට ලැබුණු අතර, මෙලෙස ඉන්ධන හිඟයක් ඇතිවී ඇත්තේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව පවසා ඇති අවස්ථාවක ය.
අමාත්‍යවරයා කියාසිටියේ ඉන්ධන මිල ඉහළ දමනු ඇතැයි අපේක්‍ෂාවෙන් ඇතැම් ඉන්ධනහල් හිමියන් ඉන්ධන තොග නිකුත් නොකර තිබීම මෙම අඩුවට බලපා ඇති බවත් මීට පෙරත් එවැනි තත්ව මතුව පසුව දින දෙක තුනකින් එය සමනය වූ බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.
මෙම ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ පිරිස් අපහසුතාවයන්ට ලක්ව ඇති අතර ඉන්ධන ඇති පිරවුම් හල් සොයමින් ඔවුන් යන අයුරු දකින්නට ලැබුණි.
කෙසේ වෙතත් ඊයේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍යට පවසා තිබුනේ වෙවන් අදහසකි.
යෝජිත ආකාරයට ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුකළ හොත් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීම වනු ඇති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියන්නේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒ ආකාරයේ ඉන්ධන මිල වැඩි කිරීමක් ඉල්ලා ඇතැයි පවසන අමාත්‍යවරයා සංස්ථාව පැත්තෙන් එය සාධාරණ ඉල්ලීමක් බව කියනවා.
ලෝක වෙළෙඳ පොළේ ද මේ වන විට ඉතිහාසගත ලෙස ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට කරුණු වාර්තා කර ඇතත් තවමත් අමාත්‍යාංශයෙන් පිළිතුරක් ලැබී නැති බව බලශක්ති අමාත්‍යවරයා පවසනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ දිගින් දිගටම අලාභ ලබන සංස්ථාව ආයතනයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවයි . ඒ නිසා අනිවාර්යෙන්ම ඉන්ධන මිල විශාල වශයෙන් ඉහල දැමිය යුතු බව සංස්ථා පාරශාවය කියා සිටිනවා.
සංස්ථාව යෝජනා කර ඇත්තේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 192 දක්වාත්, ඩීසල් ලීටරයක් රුපියල් 169ක් දක්වාත් අනිවාර්යෙන්ම ඉහළ නැංවිය යුතු බවද
පවසා ඇත.
 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.