සහරාන් හසීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා ගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි

සහරාන් හසීම් නැමැත්තාගේ බිරිඳ වන ෆාතිමා හාදියා නැමැත්තියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) පැය 5 ට අධික කාලයක් පුරා ප්‍රශ්නර කර ප්‍රකාශයක් ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සහ ඒ හා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවළට අදාලව මෙම ප්‍රශ්නකිරීම් සිදු කල බවද cid ය පවසයි.
වැලිකඩ බන්ධනාගාර වෙත ගොස් ෆාතිමා හාදියා ගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර ඒ අධිකරණයෙන් ලබා ගත් අවසරයකට අනුව බවද පොලිසිය සඳහන් කරයි. මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා ප්‍රමුඛ කණඩායමක් විසින් මෙම ප්‍රශ්න කිරීම සිදුකර තිබේ.
මෙම නිලධාරීන් පෙරවරු 10.00 ට පමණ බන්ධනාගාරය වෙත ගොස් පස්වරු 4.00 දක්වා මෙම ප්‍රකාශය ලබාගෙන තිබිණි.

Leave a Reply

Your email address will not be published.