ඇය ගැන රුචිය ගැන්නොත් ගණනකි ගෝණී – ඒ කලු කෙල්ල මගෙ ආදර ඉන්ද්‍රානී

වර්ෂය අසූහය නැත්නම් අසූහත
ආවා ඔන්න මහපොළ මාකඳුර වෙත
මැදි විදුහ⁣ලේ එය දින හත අටක් ඇත
එහි යාමටයි නලියන්නේ ඉතිං හිත
බැරි තැන ගෙදර අයටත් ඉන්නටම නොයා
කට්ටිය සෙට්වුණා එහෙනං යමුයි කියා
සැමගේ ගමන් පහසුව පිළිබඳත් සොයා
අත්ටැක්ටරේකින් අපි මහපොළේ ගියා
ඉස්සර කානිවල් ගොඩයට මැජික් මෙනී
ගිනිකන වැටෙනවා ඇස එහි අරුම පෙනී
එන්නෙත් ඒව හාවා හඳ දකිනු වැනී
එනිසා එවැන්නක අපි ඇති අගය දනී
ඉදලා පෝලිමේ අපි ඇතුලට යනවා
දැන් මියුසිකල් ෂෝ හඬ ළග රැව්දෙනවා
එදෙසට යෑම මගෙ එක අරමුණ වෙනවා
වැඩිහිටියන්ගෙනුත් අවසර හිමිවෙනවා
පීරාගෙන සෙනග ගියෙ ඉදිරියම බලා
ටික ටික වේදිකාවට මම කිට්ටු කළා
බැලුවම කාගෙදැයි එන ගී ස්වරය ගලා
මිණි මිණි පොදේ ලා අඳුරේ නිරංජලා
ඇරයුම ලබා ආවේ ඉන්පසුව අබේ
ඒ එනකොටම වැදුණා අප්පුඩිය ඉබේ
ගී තාලයට පායුග තියවුණා ඉබේ
මතකය එදා තාමත් හදවතෙහි තිබේ
මැදි විදුහලේ පිට්ටනියම පැකින්ය
බැලු බැල්මටම එය සුරලොව ලුකින්ය
ලෙසටම සරත් අල්විස්ලා බැකින්ය
උස මදි නිසා හිටියේ මම දුකින්ය
ඉන්පසු තමයි ආවේ සුරලොව දෝණී
සැරසී තැඹිලි පැහැ සාරියකින් ගෑණී
ඇය ගැන රුචිය ගැන්නොත් ගණනකි ගෝණී
ඒ කලු කෙල්ල මගෙ ආදර ඉන්ද්‍රානී
ආවේ වසන්තයෙ මල් කැකුලයි ගයමින්
තිළිණේ ලෙසින් කිව්වා තාලය හොයමින්
රිද්මය වැඩි කළා ඉර මුදුණේ කියමින්
සුදු අසු පිටින් බැස්සා ඇය පා තියමින්
ඒ ඉන්ද්‍රානී මා දුටු දවසයි මුල්ම
වෙනතක ගියේ නෑ ඇය හැර මගෙ බැල්ම
ඇය ගායිකාවකි ඊටත් පෙර ලොල්ම
වැඩිවිය ටිකෙන් ටික ඇය හට මගෙ ඇල්ම
මම මේ ළගදි ඇය ගැන කවියක් ලිව්වා
ඇය හට එය කෙනෙක් පෙන්නූ බව කිව්වා
මහපොළ අතීතෙට මම ඇය හා දිව්වා
තැන්කිව් අනේ මල්ලියෙ කියමින් තිව්වා
ඇගෙ ගී ගැයුණු හැන්දෑවක පසු කාලේ
ඇය පිළිබඳව වැඩි වී හිත රැඳි ලෝලේ
කියමින් ඇගේ ගැන කවියත් ගෙන තාලේ
දුන්නා හාදුවක් සමගින් මගෙ ආලේ
මේ සුර කෙල්ලගේ අද වෙයි උපන් දිනේ
වෙනදාටත් වඩා ඇය දැන් ළගින් දැනේ
අද බැරිවුණත් දෙන්නට හාදුවක් අනේ
මේ ලෙස ලියවුණේ අද ඒ නිසයි සෙනේ

–  ප්‍රියන්ත කොඩිප්පිලි (FB)

සබැඳි

Leave a Reply

Your email address will not be published.