වෘත්තිය සමිති පාරට බැසීමට පෙර සියයට 25 අධිභාරය බද්ද හකුලා ගනියි

අයවැයෙන් යෝජිත සියයට 25 අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවක භාරකාර අරමුදලෙන් අය නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
රජය විසින් අයවැයෙන් සියයට 25 ක අධිභාර බද්දක් පැනවීමට තීරණය කළේ වාර්ෂිකව රුපියල් කෝටි 200 ක ට වැඩි ආදායමක් ලබන සමාගම්, පුද්ගලයන්ගෙන් සහ හවුල් ව්‍යාපාරවලින් බවද මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් කරන්නට ගිය කටයුත්ත හරි නොගිය තැන මුදල් ඇමැතිවරයා පවසා ඇත්තේ අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ විශ්‍රාම වැටුප් අරමුදල සමාගම් බවට පත් කර ඇත්තේ පසුගිය ආණ්ඩුව සමයේ ඉදිරිපත් කළ පනතකින් බවත් එය නිවැරදි කරන බවද ප්‍රකාශ කර තිබේ.
බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා කැබිනට් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇත්තේ, සේවක අර්ථසාධක අරමුදලින් සහ සේවක භාරකාර අරමුදලෙන් සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇමතිවරුන් ගණනාවක් මෙන්ම ශ්‍රිලනිපයද විරෝධය පළ කිරීම සැලකිල්ලට ගනිමින් බව ඇමතිවරයෙක් පැවසිය.
මෙම අධිභාරය පැනවීමට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා, වාසුදේව නානයක්කාර,ආචාර්ය බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන ,උදය ගම්මන්පිල,විමල් වීරවංශ , මහින්ද අමරවීර ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකුම කැබිනට් රැස්වීමේ දී අදහස් ප්‍රකාශ කර ඇත.
එසේ නොවුනද මෙය ක්‍රියාත්මක කලේ නම් වැඩබිම් මට්ටමින් මිනිසුන් පාරට බහින්නට සුදානම් වී සිටි බව වෘත්තිය සමිති ගණනාවක් රටට ප්‍රකාශකර තිබිණි. ඊට විරුද්ධව අද දිනයේ පවා කම්කරු විරෝධතා පවත්වා තිබේ.


Leave a Reply

Your email address will not be published.