සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබාගැනීම ඊයේ (12) සිට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධානාගාර ගතකර සිටින සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබාගැනීම ඊයේ (12) සිට ආරම්භ වූ බව වාර්තා වේ.
ඒ අනුව සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් ලබන 25 වනදා දක්වා ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශ ලබාගැනිමට අවසර ලබාදෙන ලෙස විශේෂ විමර්ශන ඒකකය පසුගිය 10 වැනිදා අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලාසිටියේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් මාර්තු මස 04 වනදා අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ද කුලියාපිටිය මහෙස්ත්‍රාත් ජනනි වීරතුංග නියෝගකර තිබුණි.
 
 
 

Leave a Reply

Your email address will not be published.