IPL ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට වැඩිම මුදල වනිදුට

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමට පැවැත්වෙන වෙන්දේසිය අද (12) ඉන්දියාවේ බෙන්ගලූරු නගරයේදී පැවති අතර එහිදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හිමිකරගත් වැඩිම මුදලට ගනියි.
වනිඳු ව ලබාගැනීමට කණ්ඩායම කිහිපයක් වෙන්දේසිය ලංසු තබමින් දැඩි සටනක යෙදුණ අතර අවසානයේ ඔහුගේ සේවය මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වනිදු මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1.4කටය.
මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන වනිඳු, ලොව අංක එකේ 20/20 පන්දුයවන්නා ලෙස නාමකර තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.