අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙන් වවුනියාවේදී ජනපතිට විරෝධතා

වවුනියාව විශ්වවිද්‍යාලය විවෘත කිරීම සඳහා ඊයේ (11) එම ප්‍රදේශයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යුධ සමයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කළේය.
අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිස විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර පොලිසිය මාර්ග බාධක යොදා එය තහනම් කර තිබීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
එම පිරිසගේ විරෝධතා පා ගමන විශ්වවිද්‍යාලයට ඇතුළුවීම වැළැක්වීම සඳහා පොලිසිය සහ හමුදාව එක්ව පම්පමඩුව යුද හමුදා කඳවුර ආසන්නයේ මාර්ග බාධක යොදා තිබූ අතර ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ සිය දරුවන් සහ පවුලේ සාමාජිකයන් අතුරුදන් වූ බවට අතුරුදන් වූවන්ගේ ඥාතීන් ප්‍රකාශ කළේය.
විරෝධතාකරුවන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළුවීම වළක්වාලීම නිසා ඔවුන් පැය දෙකකට ආසන්න කාලයක් පම්පමඩුව යුද හමුදා කඳවුර ආසන්නයේ විරෝධතාවයේ නිරත විය.
අනතුරුව, මුළු කණ්ඩායම වෙනුවෙන් පුද්ගලයන් දෙදෙනෙකුට ජනාධිපතිවරයා හමුවීමට අවසර දීමට උසස් පොලිස් නිලධාරියෙකු සහ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු ඉදිරිපත් වූ නමුත් විරෝධතාකරුවන් ඊට එකඟ නොවූ බවද වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.