ලෝකයේ කොහේ හෝ ඇයගේ මධුර හඩ විදින අයෙකු ජීවත් වෙයි කියන්නට තරම්ම ඇය වාසනාවන්තියකි

සදා නොමියෙන මියුරු හඩ….
ලතා මංගේෂ්කාර් හෙවත් හේමා මංගේෂ්කාර් 1929 දී බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ඉන්දෝර්හි කුමාර රාජ්‍යයෙහි මහාරාෂ්ට්‍ර බ්‍රාහ්මණ පවුලක, මරාති සහ කොංකනි සංගීතවේදියෙකු වූ දීනානාත් මංගේෂ්කර් ගේ වැඩිමහල් දියණිය වී ඉපදුනු අතර මීනා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ, උෂා මංගේෂ්කාර්, සහ හෘදයනාත් මංගේෂ්කාර් වන ඇයගේ සහෝදර සහෝදරියන් සියල්ලෝමද දක්ෂ ගායකයෝ සහ සංගීතඥයෝ වෙති. වයස අවුරුදු පහේදී ඇය තම පියාගේ සංගීත නාට්‍යවල මරාති නිළියක් ලෙස එක්වීමෙන් පසුව ලතා යන නාමය ඇයට එක් විය.
ඇය ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම සහ බලවත්ම ගායිකාවක් වනවා මෙන්ම ලෝකයේ කොහේ හෝ ඇයගේ ගීතයක් ඇයගේ මධුර හඩ විදින අයෙකු ජීවත් වනවා කියන්නට තරම්ම වාසනාවන්ත ගායන ශිල්පිනියකි. ස්වර මාධුර්යයෙහි රැජිණ, දේශයෙහි හඬ, සහස්‍රයෙහි හඬ, ඉන්දියාවෙහි කෝකිලාවිය වැනි ගෞරවනීය නම්බුනාමවලට ඇය හිමිකම් කියූවේද ඒ නිසාම වන්නට ඇත.
හින්දි, බෙංගාලි, සහ මරාති වැනි දේශීය භාෂා තිස් හයකට අධික සංඛ්‍යාවකින් සහ විදේශීය භාෂා කිහිපයකින් ගීත ගායනා තර ඇති ඇයට ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන භාරත් රත්න පිරිනැමීය. එමෙන්ම ප්‍රංශයද 2007 දී ඉහළම සිවිල් සම්මානය වන ලීජන් ඔෆ් ඔනර් සම්මානය ඇයට පිරිනැමීය. ඇයගේ අවසන් පටිගත කරන ලද ගීතය වූයේ 2018 දී ගයාත්‍රි මන්ත්‍රයයි.
1942 දී චිත්‍රපට පසුබිම් ගායනට පිවිසෙන ඇය 1955 දී ශ්‍රී ලාංකේය චිත්‍රපටියක් වන සැඩ සුළං චිත්‍රපටය සඳහා “ශ්‍රී ලංකා, මා ප්‍රියදරා ජය භූමිලා”, නම් සිංහල ගීතය ගායනා කර ඇත. 1948-1987 අතර කාලයේදී ගීත 30,000කට අධීක ප්‍රමාණයක් භාෂා 36කින් ගායනා ගර ඇත. එක් දිනක් පමණක් පාසැල් ගිය ඇය හිමි කරගෙන ඇති සම්මාන ගණනනම් 20කට අධිකය.
කුඩා කල සිටම සිය පවුල ගැනම සිතූ ඇය ඇගේ බාල සහෝදර සහෝදරියන් ගේ සාර්ථකත්වය පිටුපස සෙවණැල්ල වූ නිසාම තරුණ විය කැප කළ අතර ඇය ආදරය ගැන සිතන විට ඇයට දෛවය හරස් වී ඇත්තේ ලෝකයේ තවමත් පවතින පංති භේදය නිසාමය. අවුරුදු 92ක් ජීවත් වූ ලතා මංගේෂ්කාර් නම් වූ ඇය එනම් රාජ් සිංගේ ආදරණීය “මිතූ” අවසන් සුසුම් හෙලන තුරුත්, 2009 දී රාජ් සිං අවසන් සුසුම් හෙලන තුරුත් සදාකල් තනිකඩ වූ සුහද මිතුරන් ලෙසම සදාදරණීය ප්‍රේමය රැකගත් ආදරණීය යහළුවන් වී ඇත්තේද ඒ නිසාවෙන්මයැයි කියැවේ.
1957 තිරගත වූ මදර් ඉන්දියා චිත්‍රපටයේ ගීත ඇසීමට අතිශය කැමැත්තක් දැක්වූ මගේ පියාණන්ගේ කැසට් පට එකතුව නිසාවෙන්ම මටද අද දක්වාම ලතා මංගේෂ්කාර් නම් වූ ගීත කෝකිලාවියගේ රසිකාවියක වන්නට, ඇයගේ හඩ රිසි සේ විදින්නට වාසනාව හිමි විය. කෝරා කාගසතායේ මන මේරා, තෙරී බිදියාරේ, තුජේ දේඛා තෝයේ,හම්කෝ හමීසේ චුරාලෝ, තේරේ බිනා ජියා ජයේනා, ලග්ජා ගලේ, ප්‍යාර් හුවා ඉක්රාර් හුවා, තේරේ බිනා සින්දගී සේ, ජියා ජලේ සේ පිර්, තෙරේ මේරේ මිලන කී යේරනා, තේරේ ලියේ, කබි කුෂි කබි හම්, දෝ පල් රුකා….. ආදී ඉතාමත් ජනප්‍රිය වූ ඇගේ හින්දී ගීත සමගම ඇය මොලොව නැති වුවද ඇගේ හඩ සදාකල් හදේ රැදී තිබෙනු ඇත. ආරාධනා, අභිමාන් සිට වීර් සාරා දක්වාම ඇයගේ මියුරු හඩ එක්වූ සිනමා පටද හදෙහි නොමැකෙන ලෙස ලියැවී තිබෙනු ඇත.. සුභ ගමන් ලතා මංගේෂ්කාර් ජී 🙏 लता मंगलेशकर जी
– තරංගා වික්‍රමරත්න (fb)

සබැඳි

Leave a Reply

Your email address will not be published.