සිරිනිමල් ලක්දුසිංහගේ “කවියකට නිමිත්තක්”

හේ නූස් ය. එහෙත් දැනුමින් සහ සමාජ මැදිහත්වීම් අතින් උස් ය. තමනට දැනගන්නට ලැබුණහොත් නවක, පරිණත බේද නොතකා ඔහු කවර කවියකුගේ වුව පොත් එළිදැක්වීම් වලට සහභාගි වෙයි. සංවාදයනට මැදිහත් වෙයි. සුහද භාෂණයන්හී නිතර වෙයි. ඔහු පරසිදු ඉතිහාසය විෂය සම්බන්ධයෙනි. වැඩියත්ම හිටපු කෞතුකාගාර අධ්යෙක්ෂක යනුවෙනි. වැඩි දෙනෙකු නොදන්නා නමුදු ඔහුගේ මුල් වැඩියෙන් ඇදී ඇත්තේ වමට බර වෙන්නටය. අද ද ඔහු දරනා අදහස් බර වමටමය. එහෙත් ඔහු කවියකු වශයෙන් කර ඇති මැදිහත්වීම බොහෝ දෙනෙක් නොදනිති. එසේ නොදැන සිටියද ඔහු මේ වන විට පල කර ඇති කවි පොත් ගණන දෙකකි. ඉන් පළමුවැන්න 2015 දී පල කරන ලද හැන්දෑ යාමයයි. ඉදින් ඔහු 2021දී එනම් වසර හයකට පසුව යළි සහෘද ඇසුර පතයි. ඒ සිය දෙවන කවි පොත වන කවියකට නිමිත්තක් සමගිනි. සිරිනිමල් ලක්දුසිංහ, මේ වයසින් වියපත් සිතින් තරුණ කවියාගේ නමයි.
උස්බෙක් ලේඛක හමීඩ් ඉස්මායිලොව් පවසනුයේ තමන් හැදුණු වැඩුන පරිසරය මුළුමනින්ම වාගේ කාන්තාවන්ගෙන් සමන්විත එකකි යනුවෙනි. ඊට හේතුව වශයෙන් ඔහු සඳහන් කරනුයේ තමන්ගේ පවුල්වල සෑම පිරිමියෙකුමා පාහේ ස්ටාලින්ගේ භීෂණයට ගොදුරුවීම බවයි. චිංගීස් අයිත්මාතොෆ්ගේ අත්දැකීමද මීට නොවෙනස් බව ඔහුද පවසා ඇති අවස්ථා ගණනාවකි. මෙලෙස කාන්තාවන්ගෙන් වටව ජීවිතය ඇදීයාමද අපූර්ව අත්දැකීමකි. ලක්දුසිංහ කවියා සිය පොතට නම වයාදනා කවියට නිම්ත්ත ලෙස ගන්නේ මෙලෙස තමන්ද කාන්තා බලකොටු වලල්ලක සිරව සිටිනා විට පවුලට මුණුපුරකු ලැබීමම කවියට නිමිත්තක් ලෙස ගනිමිනි.
නමුදු ඔහු මේ පුද්ගලික නිමිත්ත පසුකර ඊළඟ කවියට පිවිසෙනුයේ ජීවිතය දෙස පරිණත බැල්මක් හෙලමිනි. ඒ කවියා පොහොසත්ය. පරිණතය. ඔහු ජීවිතය විනිවිද දකින්නට සමත්ය. එසේම ඒ ව්යංිගාර්ථවත් බසක උපකාරයද සහිතවය. ඔහු මෙහිලා කැඳවනුයේ තුරක පුවතකි. තුරක් යනු මල් පල පුදා ජීවිතයට අලංකාරය ගෙනදී නිහඬව හිඳින්නෙකි. එය පෙරලා කිසිවක් නොපතයි. එහෙත් කවියා මෙසේ ලොවට ජීවය සදනා තුරක් ගැන හැඟීමකින් තොර සමාජය ප්රිශ්ණ කරයි. මේ තුරෙහි කාර්යභාරයයි. එය නිස්සරණාධ්යාීශයම මුල් කරගත්තකි.
රැළි වැටුණු කඳ
පසින් යටවුණ මහලු මුල් ටික
කම්කටොලු කොතෙකුත් දරාගෙන
දියද පොහොරද
හොඳින් ගෙනදී
තුරුණු අතු ඉති
ඉහළ ඔසවා
හිඳී නිසලව
තමන් කිසිවක්
නොකළ විලසට
සැබැවින්ම ඒ දයා පරවශ මැදිහත්වීමකි. එහෙත් ඒ මැදිහත්වීමට නිසි ඇගයුමක්, සැලකිල්ලක් ලැබේදැයි කවියා අසා සිටියි.
මහලු කඳ ගැන
වැහුණු මුල් ගැන
නැද්ද හැඟුමක්
මල් රේණුවක තරම්වත්
ඔහුගේ දුකට ලියූ කවියක් නමින් එන නිර්මාණය අද වන විට අපට අමතකව යමින් තිබෙනා මෑත අතීතයෙහි එක් අවස්ථාවක් සිහිගන්වන්නකි. ඒ පසුගිය යුද සමයයි. ඒ අර්බුදකාරී සමයෙහි උතුරුකරයෙහි තුරුණු දරුවන් සිටිනා පවුලක ශෝකාන්තය කෙරේ ඔහු අප නෙත් විවර කරන්නේ යුද්ධයෙහි කටුක බව මෙන්ම යුදයෙහිදී පීඩාවට ලක්වන මිනිස් ජීවිත ගැන සංවේදී වෙමිනි. එය වරදකරුවන් වගකිව යුත්තන් සොයන්නට තරන තැතක් නොව යුද සමයක සංකීර්ණත්වය සිහිකැඳවන්නකි.
සියල්ල අර්බුදයට යන සමාජයක මානව සබඳතා යනු විකෘතියකි. මානව දයාව, මනුෂ්ය ත්වය යනාදී වදන් හුදු කටගැස්ම පමණි. දුගී ජනතාවගේ විමුක්තිය, පීඩිත ජන නගාසිටුවීම යනාදිය දේශපාලන වේදිකාවන්හී කටගැස්ම පමණි. සැබෑ මිනිසා අපට හමුවන්නේ ඉන් බැහැර හුදෙකලා ස්ථානයන්හිදීයත ලක්දුසිංහ කවියා එවන් මිතුරකු කැඳවාගෙන එයි. දෙදෙන හමුවනුයේ අවන්හලකය. එහි ඇති මේසය මත දමා ගිය කරදාසියකි. එය දිළින්දකුගේ මාසික ජීවන අරගලයේ කටු සටහනකි. එහි ඇති ගණන් හිලවු කියවනා අප කවියා මිතුරා අතට කොළය දෙයි. මිතුරා නිහඬ ය.
මිතුරාට දුනිම් මම
ඒ කොලය කියවන්න
කාලයක් ගත වුවත්
පිළිතුරක් නැත උගෙන්
‘දුකද’ මම ඇසුවෙමි
‘ නෑ මූට ගණන් බැහැ’
කියයි ඔහු හිනැහෙමින්
අපට දෙදහස් පන්සියයෙන් ජීවත්වන ආකාරය කියා දුන්නෝ මෙරටෙහි ආර්ථික විද්යාසව පිලිබඳ පරසිදු උගතෙකි. ලක්දුසිංහ කවියා අපට සිහි කැඳවන්නේ මෙවන් ව්යාආජ මානවහිතවාදීන් පිළිබඳවය.
තරුණ වියට උරුම පෙම, විවාහක දිවිය යන අවශ්යනතා හරහට සිටගන්නේ දිනෙන් දින පිරිහෙන ආර්ථිකයමය. විරැකියාව, පවුල් බර, වගකීම්, යනාදී නොයෙක් දේ තරුණ දිවියට බාධක ලෙස හරහට සිටියි. එහෙත් මේ බාධක මැදම දුවනා ජීවිතවලට තමන් හා සම තවත් දිවියක අසීරුව නොවැටහෙයි. විරැකියාවෙන් පෙලෙම පෙම්වතකු සහ පවුලේ අවිවාහක සහෝදරියන් දෙදෙනකු සිටිනා ගාමන්ට් ළඳකගේ ජීවිත වල මන්දාරම පහන් කණුව යට අඳුර නම් කවෙන් ඉදිරිපත් කෙරෙයි. ලක්දු සිංහ කවියාගේ වදන්වලින් මේ දෙපලගේ සිතුවිලි ලෝකය ගෙතෙනුයේ මෙලෙසිනි.
කැදැල්ලෙන් ගෙන ඉගිල යන්නට
කුරුල්ලන් කිසි දිනක නොම එන
සහෝදරියන් දෙදෙනකු ම තව
ගෙයිම කොටුවී සිටිනු දැක දැක
ඇයට හැකි වෙද පෙම්වතා තම
ගෙදර කැඳවා පිරිනමන්නට
පෙමක උණුසුම යසට මුසු කළ
රසම රසවත් තේ එකක්
ලංකාව පරසිදුව ඇත්තේ පිරිසිදු බුදු දහම රැකී ඇති කොදෙවුව ලෙසිනි. එහෙත් මෙහි නැත්තේම බුදු වදනමය. බුදුන් යනු වාණිජ ලෝකයට තවත් මෙවලමක් වන තරමටම එය පිරිහී ගොසිනි. මහා ආරාම, රහතුන්, ආදී වශයෙන් නෙක පෙළහර මැවෙන අතරම මිනිස්සුන්ට බුදුන්වම මග හැරෙයි. මේ බොල් කබොලෙහි පුස්ස වඩාත් හොඳින් පෙනෙනුයේ ස්වාභාවික විපත් ඇතිවූ අවස්ථාවල ජනතාව මියෙද්දී කිසිදු හානියක් නොමැතිව බුදු පිළිම ඉතිරි වෙන්නේ යයි පලවන පුවත්ද සමගිනි. මේ මිථ්යාෙවන් කෙතරම් බලවත්ද යත් කිසිවකුට හෝ ඊට එරෙහිව වදනක පවසනු නොහැකිය. එසේ වදනක් දෙඩූ සැණින් අවි අමෝරා එන ‘පිරිසිදු බොදුනුවන්’ බලකාය පිටින් ඉන්නා බැවිනි. එහෙත් ලක්දුසිංහ කවියා සැකයි මට නම් කවියෙහි මේ ව්යාදජය නග්න කර දක්වයි. ඔහු සිය සැකය මතු කරනුයේ මෙලෙසිනි.
තිබේ නම් යම්
ගුප්ත බලයක්
තරුණ වැඩිහිටි ළදරු කිරිකැටි
සොඳුරු ජීවිත
මරණයේ දළ රළින් අරගෙන
පලා යනවිට නොවී පිහිටක්
තමන් පමණක්
රැකෙනු ඇති යැයි
බුදු පිළිමයක් යම්
සැකයි මට නම්
ලක්දුසිංහ යනු පවත්නා දේශපාලනයෙහි මජර ස්වභාවය මානම හැඳින සිටින්නෙකි. එසේම එහි වෙනසක් විය යුතු බවත් ඒ සඳහා අරගලයක් අවශ්යස බවත් විශ්වාස කරන්නෙකි. එහෙත් ඒ අරගලය යනු බුද්ධියට මුල්තැන දිය යුත්තක්ම බව හේ අදහයි.
උඩට පහතට
වමට දකුණට
විදුලි සැර ලෙස
ලෙලවතත් ඔබ
අතින් අසිපත
සෙබල
විමසමි
දැන සිටින්නෙද
අතෙහි අසිපත
දරන විට ඔබ
අතට වැඩියෙන්
සියුම් විය යුතු
බව ඔබේ හිස
මහලු විය යනු බොහෝ විට අප රටෙහි මිනිසුන්ට ජීවිතයෙහි අනිත්යශය මෙනෙහි කරවන ඔවුන් අරමට ගාල් කරවන නිමිත්තකි. එහෙත් ලක්දුසිංහ කවියා එසේ අකර්මන්යඔ ජීවිතයක් පිලිකෙවු කරයි. ලක්දුසිංහ කවියා තුළ වන බඹරා ජීවිතය විඳින්නට උත්සුක වන්නෙකි.
දිරූ ගසක ඇති
බිඳුන වදයකින්
නික්මුණ බඹරෙකි
මගේ මහලු හිත
මලින් මලට පැන
රොන් ගන්නට යන
– චූලානන්ද සමරනායක

Leave a Reply

Your email address will not be published.