විරෝධය පෑමක් ලෙස අගරදගුරු නිදහස් සමරුව වර්ජනය කරයි, දේව මෙහෙයත් අවලංගු කරයි

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, හෙට (04) වැනිදා පැවැත්වෙන නිදහස් සමරු උත්සවයට සහභාගී නො වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් මේ බව මාධ්‍යට දන්වා තිබේ.
පසුගිය දිනක බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීමේ සිදුවීම පිලිබඳව විමර්ශන සිදු කෙරෙන ආකාරය ගැන සෑහීමට පත් වීමට නො හැකි වීම මේ තීරණයට හේතු වී තිබේ.
මේ අතර සාමාන්‍යයෙන් නිදහස් දිනය දා බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී කාදිනල්වරයා විසින් දේව මෙහෙයක් පවත්වන අතර මෙවර එය ද අවලංගු කර තිබේ.
අත්බෝම්බය හමු වීමේ සිදුවීමේ විමර්ශන කෙරෙන ආකාරය පිලිබඳව සෑහීමට පත් වීමට නො හැකි වීම මෙන් ම, සිදුවීමට සම්බන්ධ නො මැති අහිංසක පුද්ගලයන්ව දැඩි සේ අපහසුතාවයට පත් කරමින් සිදු කෙරුණු අත්අඩංගුවට ගැනීම් සහ පිළිගත නො හැකි මට්ටමේ හේතු ඉදිරිපත් කිරීම්වලට විරෝධය පෑමක් ලෙස කාදිනල්වරයා මෙම තීරණය ගෙන ඇති බවත් ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් ප්‍රකාශ කර තිබේ.

සබැඳි

Leave a Reply

Your email address will not be published.