බිත්තර ප්‍රහාරය දෙක ! – අමාත්‍ය අරුන්දිකගේ පිරිසක් රාගම වෛද්‍ය පීඨයට පැන සිසුන්ට පහරදෙයි

අද (02) අලුයම රාගම වෛද්‍ය පීඨයට පැමිණි පිරිසක් එහි සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට පහරදීම හේතුවෙන් සිසුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද අලුයම තුනට පමණ වෛද්‍ය පීඨයට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු එම වෛද්‍ය පීඨයේ සිසුවෙකුට පහරදී ඔහුව මෝටර් රථයක දමා පැහැරගෙන යෑමට උත්සහ කර තිබේ.
එම ස්ථානයට පැමිණි තවත් සිසුන් පිරිසක් ඔවුන්ට පහරදී අදාළ සිසුවා බේරාගැනීමට උත්සහ කිරීමේදී මෙම ගැටුම ඇතිව තිබෙන බවයි පැවසෙන්නෙ.
සිසුන්ගේ පහරදීමත් සමඟ ඔවුන් පැමිණි මෝටර් රථයද දමා එම පුද්ගලයින් පලාගොස් ඇති අතර ඉන් පහරකෑමට ලක්වූ එක් පුද්ගලයෙක් පසුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස රාගම වෛද්‍ය පීඨයට පැමිණි පුද්ගලයින් KI-2376 දරණ මෝටර් රථයෙන් පැමිණි අතර එය රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගේ පොල් සංවර්ධන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ වාහනකි.
එමෙන්ම පහරදීමට පැමිණි එක් පුද්ගලයෙකුගේ මුදල් පසුම්බියේ තිබූ ඔහුගේ රාජකාරි හැදුනුම්පත හමුවී ඇති අතර එහි සදහන් වන්නේ ඔහු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවය.
මේ සම්බන්ධයෙන් පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published.