රට පාලනය කරන්නේ අනුරාධපුරේ ඥානා අක්කා!

වර්තමානයේ කිරීමට පෙර අනුරාධපුරයේ ඥානා අක්කාගෙන් විමසන දී රටට අදාළ සංවර්ධන සැලැසුම් ක්‍රියාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙන බවත්, ඥානා අක්කාගේ පිළිතුර මත අදාළ සැලැසුම ක්‍රියාත්මක කරන්නේද, නැද්ද යන්න තීරණය කරන තත්ත්වයකට ආණ්ඩුවේ නායකයන් පත්ව ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ පසුගිය 25දා පැවැති ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, රටේ සංවර්ධන සැලැසුම සකස් කළ යුත්තේ ආණ්ඩුව විසින් බවයි. රටට ස්ථාවර ආර්ථික සැලැසුමක් සකස් කිරීමේ වගකීම ආණ්ඩුව දැරිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
වර්තමානයේ ලෝකයේ සියලු‍ සැලැසුම් සකස් කෙරෙන්නේත්, පුරෝකතන සිදුකෙරෙන්නේත් දත්ත විද්‍යාව අනුව බවත්, එවැනි තත්ත්වයක් තුළ මෙරට පත්කර ඇති තත්ත්වය අතිශය කනගාටුදායක බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
2021 ජනවාරි 03දා ‘ලංකා‘ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය මඟින්ද අනාවරණය කරන ලද්දේ ආණ්ඩුවේ නායකයන් විසින් අනුරාධපුරයේ ඥානා අක්කා නමින් හැඳින්වෙන කාන්තාවකට පොදු දේපොළ අයුතු ලෙස භාවිත කරමින් විශේෂ වරප්‍රසාද ලබාදීම සම්බන්ධවයි.
‘ලංකා’ පළ කළ එම පුවත පහත පළවේ: “රට පාලනය කරන්නේ අනුරාධපුරයේ ඥානා අක්කාදැයි ආණ්ඩුවට සමීප පාර්ශ්ව විසින්ම ජනාධිපතිවරයාගෙන් කළ විමසීම්වලට අදාළ කාන්තාවට අයත් ඉඩමක හෝටලයක් ඉදිකිරීම සඳහා යුද හමුදාව යොදවා තිබේ.
“අනුරාධපුර, නුවර වැව පාරේ මෙම කාන්තාවට අයත් දේවාලය යනුවෙන් හඳුන්වන ස්ථානය පිහිටා ඇත. එම භුමියේම යුද හමුදාවේ ඉංජිනේරු බළකාය යොදවා ආවරණ සහිතව අදාළ ඉදිකිරීම කරන බවත්, යුද හමුදා සාමාජිකයන් විශාල පිරිසක් එහි රැඳී සිටින බවත් ප්‍රදේශවාසීහු පවසති. අදාළ භූමිය වටා විශාල තාප්පයක්ද මේ වනවිට ඉදිකෙරෙමින් තිබේ.
“මේ සම්බන්ධයෙන් ‘ලංකා‘ කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ, නිල වශයෙන් තමන්ට එවැනි දැනුම් දීමක් කර නැති බවයි. එම නිසා අදාළ කරුණ සම්බන්ධයෙන් අදහසක් පළකළ නොහැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ප්‍රදේශවාසීන් අවධාරණය කරන්නේ, මෙසේ ආවරණය කරගෙන සිදුකරන ඉදිකිරීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළ තරුණයකු ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම්වලට ලක්වී ඇති බවයි. අදාළ තරුණයාගේ ජංගම දුරකථනයද අදාළ ආරක්ෂක අංශ සාමාජිකයන් භාරයට ගෙන ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
“අදාළ ස්ථානයේ සිදු කරන මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතියක් ලබාගෙන තිබේද යනුවෙන් අප කළ විමසීමකදී අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්. පී. සෝමදාස සඳහන් කළේ නගර සභාවෙන් එවැනි සැලැසුමක් අනුමත කර ඇති බවයි. ඊට අදාළ ඉදිකිරීම්වල වර්තමාන තත්ත්වය සහ එය හෝටලයක්ද? නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් නොදන්නා බවද පැවසූ නගරාධිපතිවරයා, අදාළ අනුමැතියට පිටින් යමක් සිදුවන්නේදැයි පරීක්ෂා කළ හැකි යැයිද සඳහන් කළේය.
“කෙසේ වෙතත්, මෙසේ පෞද්ගලික ඉදිකිරීමක් සඳහා යුද හමුදා සාමාජිකයන් යෙදැවිය හැකිදැයි වර්තමාන ආණ්ඩුවේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නිල වගකීමක් දරන ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරියකුගෙන් අපි විමසීමක් කළෙමු. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ව්‍යාපෘති කළමනාකාරවරයකු වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කුමා හේරත් පැවසුවේ කිසිදු හේතුවක් මත පෞද්ගලික ඉදිකිරීම් සඳහා යුද හමුදා සාමාජිකයන් යොදාගත නොහැකි බවයි. යුද හමුදා සමාජිකයන්ට රජයෙන් වැටුප් ගෙවන්නේ ජාතික ආරක්ෂාව සහ රජයේ කටයුතු සඳහා බවත්,
පෞද්ගලික කටයුතු සඳහා ඔවුන් යෙදැවීම බරපතළ වරදක් බවත් විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ම් අතර පසුගිය දෙසැම්බර් 03දා පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදයේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අදහස් දක්වමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කර තිබුණේ අනුරාධපුරයේ ඥානා අක්කාට අයත් හෝටලයක් සෑදීමට යුද හමුදා සාමාජිකයන් යොදවා ඇති බවත්, හමු සාමාජිකයන් සාත්තර කියන, මන්තර ජප කරන අයකු ළඟට මෙලෙස යැවීමට හැකිදැයි තමන් ප්‍රශ්න කරන බවත්ය
 
 

Leave a Reply

Your email address will not be published.