ට්‍රම්ප්ගේ විරෝධයට කියුබාවෙන් කණේ පහරක්

එක්සත් ජනපදය සිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවන්නේ නම් කියුබාව එයට සූදානමින් සිටින බවටකියුබානු රජය පවසයි.

කියුබානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ ඇමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය දක්වන ලතින් ඇමෙරිකානු හා කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තිය හමුවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත හැර දැමීමට සූදානම් වන්නේ නම් තම රජය එයට සූදානම් බවයි.

කියුබාව හා ඇමෙරිකාව අතර පැවති දේශපාලන විෂමතාව හමුවේ අර්ධ ශතකයට ආසන්න කාලයක් පැවති සතුරුකාමී වාතාවරණයට තිත තබමින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට හිටපු ජනපති ඩිමොක්‍රටික් පාක්ෂික බැරැක් ඔබාමා සමත් වූයේ දැනට වසර පහකට පෙරය. ඔබාමාගේ පාලන කාලය තුළ දෙරට අතර සංචාරක, වෙළඳ සම්බාධක බොහොමයක් ලිහිල් වීමට මෙය හේතු වූ අතර ඔබාමා කියුබාවේ සංචාරයේ ද නිරත වී තිබිණි.

කෙසේවෙතත්, අන්ත දක්ෂිණාංශික රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපදයේ පාලන බලය ලබා ගැනීමෙන් පසු මෙකී තත්ත්වය කණපිට පෙරලිණි. රිපබ්ලිකන් පක්ෂයේ කොමියුනිස්ට් විරෝධී, ලතින් ඇමෙරිකානු විරෝධී ආකල්ප රට පුරා පැතිර ගියා පමණක් නොව, දෙරට අතර ලිහිල් කර තිබූ සම්බාධක තර කරමින් නවතම සම්බාධක හඳුන්වා දීමට පවා ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබිණි.

LNW – Outboundtoday

සබැඳි

Leave a Reply

Your email address will not be published.