විදුලිය කැපීම් නිසා වන අලි තර්ජන ඉහළට !

විදුලිය කැපීම් නිසා වන අලි තර්ජන ඉහළට !

මේ දිනවල සිදු වන විදුලි කප්පාදුවත් සමඟ වගා බිම් වටා ඇද ඇති විදුලි වැටවල් අක්‍රිය වීම හේතුවෙන් වන අලින් වගා බිම්වලට පැමිණ වගාවලට දැඩි ලෙස හානි සිදුකරන බව බදුල්ල රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක ගොවීහු පවසති. 
වසරකට එක් වරක් අහස් දියෙන් පමණක් වගා කරන ගොවිතැන මෙසේ වන අලින් විනාශ කරන විට තමන්ට යන එන මං නැති වන බව එම ගම්වැසියෝ පෙන්වා දෙති. භූගත ළිංවලින් වතුර ඇද, වගා කර තිබූ අක්කර පහක පමණ බඩඉරිඟු‍ හේනක් සම්පූර්ණයෙන්ම වන අලි විනාශ කර දමා ඇත. අක්කර දහයකට ආසන්න කෙසෙල් වගාවක් ද මෙලෙස වනසා ඇති අතර, ගෙවතු වගා රැසක්ද වනසනු ලැබ තිබේ.
මෙම හානි සම්බන්ධයෙන් දිගින්දිගටම නිලධාරීන් දැනුම්වත් කළ ද, ඔවුන්ගේ අවධානය යොමු නොවන බවත්, ගම්වැසියන් පසුපස ද වන අලින් එළවාගෙන එන තත්ත්වය නිසා තමන් දැඩි ජීවිත අවදානමක පසු වන බවත් එම ගම්මානවල ගොවීහු පවසති●

 

ආර්. ජයසේන – මහියංගනය.

Leave a Reply

Your email address will not be published.