යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගකමකට පැවරීමට එරෙහි නඩුව විභාගයට

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකානු සමාගකමකට පැවරීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් නඩුව විභාගයට ගෙන ඇති බව වාර්තා වේ.
පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද (10) දිනයේ විභාගයට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව රැසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් යොමුකර තිබිණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිකන්ද, යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගෙන ඇත.