ආයිබොවන්ඩ සුසිල්..,

ආයිබොවන්ඩ සුසිල්..,

දැක්කද-දැක්කද-දැක්කද-දැක්කද සුසිල්…? දැනුනද-දැනුනද දැනුනද-දැනුනද සුසිල්…? කිව්වොත් කිව්වමයි සුසිල්… කොහොමද සැර්ගෙ ෂොට්ටෙක සුසිල්…? සෑර් එහෙම තමයි සුසිල්… මහ රණවිරුවෙක් නෙ සුසිල්… සර්ට මල පැන්න සුසිල්… මක්කට පොළේ ගියා ද සුසිල්… දැන්වත් හැදියන්කො සුසිල්…?
අයියෝ සුසිල්… පොළේ යන්ඩ කලිං නිකමටවත් දැනං උන්නෙ නැද්ද ආයිබොවන්ඩ පොළේ යාමයි, කඩේ යාමයි කියන්නෙ අහසට-පොළොව වගේ කවදාවත් පෑහෙන්නෙ නැති වැඩ දෙකක් කියල. පොඩි ටියුසං පාරක් දා ගත්තෙ නැති එකේ ආනිසංස තමයි ඔය හැරෙන තැපැලෙන්ම හම්බ වුණේ. ඔහේට වඩා මසුරං කියුං කියපු වාහෙලා කී දෙනෙක් ඉන්නව ද සුසිල් ඔය කැබිනට්ටුව අස්සෙම.
අයියෝ සුසිල්… ඔහේ වගේ ඩබල් ඩොක්ටර් කෙනෙකුටත් ඒ ටික තේරුං ගන්ඩ ඇහැක් නොවුන එක ගැන නං සොරිම තමා ඉතිං. අඩුම ගානෙ ඔහෙටත් වඩා වෙට්ට පිත්තල ක`ඵකෝට්කාරයෙක් වෙන වාසිදේවගෙන් හරි ඩිංගක් අහගන්ඩ තිබුණ නෙ. නිකමට අහල බලන්ඩකො සුසිල් මිනිහා අන්තිමට ගහපු “නෑ… නෑ… දාලා යන්නෙ නෑ…” බයිලාව මොන තරං හිට් වුණාද කියල මේ දෙතුන් දොහට.
සමුගන්නා මොහොතේ සුසිල් දාපු මාද්දිය සන්දර්සනේ නං ටොපටම නැගල ගියා හරියෙ. හරියටම කියනව නං අපේ මහරජ්ජුරුවො රනිල් දුන්න හෙලිකොට්ටරෙන් මැදමුලනෙ ගිය සංදර්සනේට විතරයි ඒක සැකන්ඩ් වෙන්නෙ ආයිබොවන්ඩ. තමුන්නැහැ අර ත්‍රීවීල්ලෙකට නගිනකොට අපේ පපු කැවුතු ජක් මක් ගාලා ගැහෙන්ඩ පටන් ගත්තා ය කියමුකො. බැරිවෙලාවත් ඔය නුහුරු වාහනවල ගැස්සිල්ලට හාට් ට්‍රබලයක්වත් ආවොත් දම්මිකයගෙ කාලි අම්මා තියා ජයසුමන මහාචාරිගෙ නාත දෙයියන්ටවත් කියන්ඩ ඇහැකි යැ මේ ගිනිවිජ්ජුම්බර අස්සෙ.
අනේ සුසිල් හිත අප්සැට් ගහල ඉන්න මේ වෙලාවෙ මෙහෙම ගොන් පුරස්නයක් ඇහුවට අමනාප වෙන්ඩ එපා. පහුගිය ආණ්ඩු හැම එකකම වගේ දිගටම තමුන්නැහැ ඇමැති පට්ටං දැරුව නෙ. ඒ සන්දියෙ ලැබිච්ච වාහන පෝමිට්වලින් ගොන් කරත්තයක්වත් ගන්ඩ තරං සල්ලියක් අතට ආවෙ නැද්ද ආයිබොවන්ඩ. හා ! ඒ පෝමිට් ටික ඉහළම ලංසුවට දීල දැම්ම ය කියමුකො. මතක ද මංදා… ඔහේ තෙල් ඇමැති වෙලා උන්නු සමයෙ නෙ අර හැජිං ද මක්ක ද කියල සුවිප් එකක් ඇදුණේ.
අපේ කබරාල් ගොයියට එහෙමත් ඒකෙන් හොද්ද බොර වුණා නෙ. සැනසිලි තෑග්ගක්වත් අසරණ සුසිල්ට නොලැබුණා නං ඒක සහගහන අපරාදයක් ආයිබොවන්ඩ. අනේ ඉතිං ඒ වගේ තව මොන තරං මසුරං අවස්තා ඔහේට මඟ ඇරුනද නේ ද? කිරියි, පැනියි වගේ හිටපු චන්දිරිකා නෝනත් කැපිල්ලක් දැම්ම නෙ අද්දියාපන ඇමැතිකොම දරපු කාලෙ. කොච්චර කැත ද කියනවනං ගෙදර හිටපු අර අහිංසක මායියවත් පැටළෙව්ව නෙ ගුරුමාරු වගේ තුට්ටු දෙකේ වැඩවලට.
හැබැයි සුසිල්… මේ සැරේ පෑදිල තියෙන චෑන්ස් එක නං ඒ ඔක්කොටම වඩා මාරයි, හරියෙ… තුරුම්පුව නියමෙට ඇද්දොත් ගොඩේ ගොඩ. හැබැයි 17, 18, 19, 20, සංසෝදනවලට අත-පය හතරම උස්සල ගහපු තුරුම්පු නං දැන් එක්ස්පයර් වෙලා. අපේ සෑර්රුත් අර හුටංල-හිටංල වගේ අපතයෙක් කියල හිතාගෙන නෙ ඔහේ එතුමගෙන් ගේම ඉල්ලුවෙ. දැන් අපේ සෑර් හොඳටම තේරුං අරං ඉන්නෙ සුසිලුත් එතුමා වගේම පේස් ටු පේස් පයිට් දෙන කොමාන්ඩෝ වැඩර් කෙනෙක් කියලයි. දැන් ඔහේටත් තියෙන්නෙ අපෙ සෑර්ගෙ මොඩන් සිස්ටම් චේන්ජ් ක්‍රමවේදයම අනුගමනය කරමින් රිවස් ගැසට්ටුවක් ගහන එක විතරයි. මතක ඇතුව මේ වාක්කිය කෑල්ලත් ඒකට ඇතුළත් කරන්ඩ සුසිල්… “මම පොළේ ගියේ වැරදිලා ය. මාව නොමඟ යැව්වේ නොසන්ඩාල ජනතාව ය… මීට පස්සේ  මම කරන්නේ අනිත් හැමෝටම වඩා හොඳට සෑර්ට කඩේ යන එකය…●

විශ්ව මිත්‍ර

Leave a Reply

Your email address will not be published.