අලුත් වෙනසකට ජනතාව පෙළ ගස්වන ජාතික ජන බලවේගය මහනුවර සමුළුව ඊයේ (05)

අලුත් වෙනසකට ජනතාව පෙළ ගස්වන ජාතික ජන බලවේගය මහනුවර සමුළුව ඊයේ (05)

ජාතික ජනබලවේගයේ මහනුවර සමුළුව ඊයේ (05) දින මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදි පවත්වන්නට යෙදුණි . එහිදී මහනුවර ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටුව නම් කළ අතර විද්වතුන් කලාකරුවන් සහ දේශපාලඥයන් සමූහයක් අදහස් දක්වන ලදී.
මේ අතර ජාතික ජනබලවේගයේ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක ලාල්කාන්ත. නීතීඥ ලාල් විජේනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය, ආචාර්ය ලියනගේ අමරකීර්ති ඇතුළු කථිකයින් පිරිසක් අදහස් දක්වන ලදී. සමුළුව අවසානයේ දී දසතින් සුභ පැතුම් අනුර දිසානායකට සහ ජාතික ජන බලවේගය වෙත ගලා එන්නට විය . සමුළුව අලංකාර කිරීම සඳහා කලාකරුවන් විසින් ගීත ගායනාවන්ද ඉදිරිපත් වීම දක්නට ලැබිණි.
මහනුවර වාර්තාකරු, නයනානන්ද වන්නිනායක.





Leave a Reply

Your email address will not be published.