විදේශීය දුම්වැටි තොගයක් ලග තබාගත් පුද්ගලයකුට ලක්‍ෂ 11 ක් දඩ

විදේශීය දුම්වැටි තොගයක් ලග තබාගත් පුද්ගලයකුට ලක්‍ෂ 11 ක් දඩ

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි තොගයක් ලග තබාගත් පුද්ගලයකුට මහර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්‍ෂ 11ක දඩයක් නියම කරන ලදී.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එඩේරමුල්ල පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී විදේශීය දුම්වැටි තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුට මහර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් මෙම දඩ මුදල නියම කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ලග තිබී නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද රුපියල් දෙලක්‍ෂ දසදහසක් පමණ වටිනා දුම්වැටි 3000ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබිණි.


Leave a Reply

Your email address will not be published.