ශ්‍රී ලංකාව තුළ සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථාන 40න් එකක් ලෙස නැවත වරක් ෘ්DHL Express Sri Lanka ශ්‍රේණිගත කර ඇති බව එම සමාගම නිවේදනය කරයි. සමාගම විසින් 2021 වසරේ පැවැති Great Place to Work® – Sri Lanka සම්මාන උලෙළේ දී රන් සහ රිදී සම්මාන දිනා ගනු ලැබූ අතර, එය දශක හතරකට වැඩි කාලයක් පුරා සංස්කෘතික හා සහයෝගීතාවය මත පදනම් වූ සේවකයන් කේන්ද්‍ර කර ගත් වැඩබිම් පරිසරයක් ඉස්මතු කිරීම හරහා මෙම ජයග්‍රහණ ලබා ගැනීමට සමාගම සමත්ව ඇත.
එම ගෞරව සම්මාන අතරට 2021 වසරේ සේවය කිරීමට සුදුසු හොඳම සේවා ස්ථානය ලෙස නම් කිරීම, ශ්‍රී ලංකාව තුළ සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථාන 40න් එකක් ලෙස ලැයිස්තුගත වීම, බහුජාතික කාණ්ඩය සඳහා රන් සම්මානය ද, මධ්‍ය පරිමාණ සංවිධාන කාණ්ඩය සඳහා රිදී සම්මානය සහ DHL Express ලොව අංක එකේ හොඳම සේවා ස්ථානය ලෙස පත්වීම සඳහා DHL Express Sri Lanka හි දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මානය ද හිමි විය. වසර හතකට ආසන්න කාලයක් පුරා DHL Express Sri Lanka, සේවයට සුදුසු හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව සම්මානයට පාත්‍ර වී ඇත.
DHL Express ශ්‍රී ලංකාව තුළ දේශීය ශ්‍රේණිගත කිරීම්වල දී පවා එහි මවු සමාගමේ තත්ත්වය පිළිබිඹු කරයි. Fortune සඟරාව සමඟ එක්ව Great Place to Work™ (GPTW) විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්ෂික ලැයිස්තුවට අනුව ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ලොජිස්ටික් සේවා සපයන්නා වන DHL Express ලොව අංක එකේ හොඳම සේවා ස්ථානය ලෙස මෑතක දී නම් කරන ලදී●
තවත් කෙනෙකුට කියවන්න Share කරන්න
Read Next
July 21, 2022
මෙරට ආර්ථිකය මේ වසරේදී 7.6 කින් හැකිළෙනවා
July 7, 2022
ණය සහ ස්ථාවර තැන්පතු පොලී අනුපාත ඉහළට
July 1, 2022
මෙරට භාණ්ඩ මිල වැඩිවීමේ වේගය 50% ඉක්මවයි
June 25, 2022
ක්‍රෙඩිට් කාඩ් පොලිය ඉහළට
April 9, 2022
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම මෝටර් සයිකලය CT100 නැවතත්!
April 4, 2022
EZ Stove වෙතින් ‘ජනලිප’ සහ ‘EZ කාර්මික උදුන’ නමින් නවතම උදුන් වර්ග දෙකක්
April 3, 2022
උපරිම සිල්ලර මිල සීමාවන් දැඩිව අනුගමනය කිරීමේ වැදගත්කම ලංකා ටයිල්ස් අවධාරණය කරයි
March 27, 2022
UTECH Technologies සමාගමට ආසියා පැසිෆික් රන් සම්මානයක්
March 23, 2022
ර්Disruptive Device Innovation” සම්මානය OPPO දිනාගනී
March 21, 2022
ලංකා ටයිල්ස් වෙතින් QR කේත ක්‍රමයක්