SLBC අලුත් ප්‍රෝග්‍රෑම් එකේ නම “අද ලියැවෙන කවි”

මේ කතාව කියන්න හොදම දවස තමයි අද. මොකද අද(17) රේඩියෝ සිලෝන් එකේ 96 වෙනි සැමරුම.
ඊයේ පෙරෙයිද ගුවන්විදුලි සංස්ථාවෙ ස්වදේශීය සේවය පැත්තෙන් ආරාධනාවක් ආව ප්‍රෝග්‍රෑම් එකක් ප්‍රසන්ට් කරන්න තියෙනව ඔයාට තමයි වැඩේ බාරදෙන්න හිතුවෙ කියල. ප්‍රෝග්‍රෑම් එකේ නම “අද ලියැවෙන කවි”.
පහුගිය කාලෙ සුදර්ශන ගුණවර්ධන SLBC එකේ චෙයාර්මන් වුණාට පස්සෙත් මේ වගේම ආරාධනාවක් ආවා.මොකන් හරි වැඩක් කරමුද කියල තමයි සුදර්ශන ඇහුවෙ. එහෙම අහපු එකට කරපු වැඩේ තමයි චිත්‍රපටි සිංදු ගැන කතා කළ “අහස් ගව්ව”. පුංචි කාලෙ බැටරි කෑලි දාපු රේඩියෝවෙන් අහපු ගුවන්විදුලියෙ මයික් එකකට කතා කරන්න හම්බවුණාම ඒක හෙන ආතල් එකක් වුණා. “අහස් ගව්ව” මගේ ඕන කමටම නැවැත්තුවෙ ඒරානන්ද හෙට්ටිආරච්චියි මයුරි අබේසිංහයි වැඩේ නැවැත්තුවොත් බලාගෙනයි කියල තර්ජනය කරද්දීමයි.
අද ලියවෙන කවි ප්‍රෝග්‍රෑම් එක කරන්න කියල ආරාධනාව ආවට පස්සේ ඒ විත්තිය මම ඉස්සෙල්ලම කිව්වේ රාජිත දිසානායකට. මොකද රාජිත තමයි මීට කලින් ඒක නිශ්පාදන කෙරුවෙ. රාජිත පහුගිය දවසෙ ගුවන්විදුලියෙන් සමුගගත්තනෙ. රාජිතට මේ ගැන කියපු ගමන් කිව්වේ “නියමයි මචං හොදට වැඩේ කරපං වටිනව ඕක දිගටම කරන්න පුළුවන් නම්” කියල
“අහස් ගව්ව” කරද්දිත් ඒක කෙරුවෙ මට ඕන හැටියට. මගේ පැට්න් එකට. ඒක තමයි මගේ පැත්තෙන් කොන්දේසිය.මේ වැඩෙත් එහෙමයි. කොහොම වුණත් මේක කෙරෙන්නෙ මට වැඩේ ඇති කියල හිතෙන පළවෙනි මොහොත වෙනකං විතරයි.”අහස් ගව්ව” නැවැත්තුවෙත් ප්‍රෝග්‍රෑම් පනස් පහක් විතර කෙරුවට පස්සෙ මට ගෙවීමක් කරන්න යනව කියල ඒ ගෙවන ගාණ අහල. අවුරුද්දක් විතර නිකං කරපු වැඩේ ආතල් එකත් කුඩු කරගන්නෙ මොකටද කියල තමයි ඒක නවත්තල දැම්මෙ.
කවි ලියන නවීන ප්‍රවීන කට්ටිය එක්ක කවි ගැන බැරියර් නැති කයියක් ගහන්න තමයි කල්පනාව.බලමු කොහොම වෙයිද කියල.
සියවසකට හතර අවුරුද්දක් අඩු ගුවන්විදුලි⁣යෙ මයික් එකක් ඉස්සරහ වාඩිවෙන්න හම්බවුණු දෙවෙනි වතාව මේ.
පළවෙනි ප්‍රෝග්‍රෑම් එක 19 ඉරිදා උදේ 10 ට ස්වදේශීය සේවයෙ යනව. ඒකට ආවෙ “ලිලැක්”එක්ක Yesha Fernando.
– ප්‍රියන්ත කොඩිප්පිලි (fb)

සබැඳි

Leave a Reply

Your email address will not be published.