අයියයි – මල්ලියි සාග් ගිය හැටි

දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ගණකාධිකාරිතුමා ආයතනය ඇතුළෙ ප්‍රසිද්ධ අයියයි – මල්ලියි හැටියටලු. ඒ දෙන්න එකිනෙකාට ආමන්ත්‍රණය කරන්නෙ ඒ විදිහට නිසා.

මේ අය ක්‍රීඩකයො ගැන හිතන තරම කියන්නෙ ඒ අයව අභියෝගවලට මුහුණ දීම හුරු කරන්නට පරිසර දූෂණය නිසා පීඩාවට පත්වෙන විදිහට සමහර ක්‍රීඩකයො නවදිල්ලිය හරහා යැව්වා. ඒ අය පැය ගාණක් නවදිල්ලියෙන් බහින්න බැරුවත් එතනින් පිටත් කරල හැරිය ගුවන් තොටෙත් හොදට කට්ට කාලා දරා ගැනීම ප්‍රගුන කළා. අයියයි මල්ලියි තමන්ගෙ උපායශීලි දැනුම තැබිය යුතු ඉහළම තැනම තබමින් කටාරය හරහා නේපාලයට ආවෙ ව්‍යාපාරික පංතියෙ ටිකට්වලින්.

මේ දෙන්න ඩොලර් 25000 ගාණෙ ට්‍රැවල් කාඩ් අරගෙන යන්නෙ අඩු ගාණෙ ලේකම්ගෙ අනුමැතියවත් නැතිවයි. ඒ සමහර විට ගණකාධිකාරි මහත්තයාට රජයේ මුදල් පාලන ක්‍රමෝපායන් ක්‍රීඩකයන් ගැන බරපතල විදිහට හිතන්න ගිහිං අමතක වෙලා වෙන්න ඇති. හැබැයි මීටර් 200 ක් දුර ළමයි බෑග් උස්සන් යද්දි ඒකට හෝටලය හරහා කුලීකරුවෙක් හොයා දෙන්නත් මේ දෙන්නට දේශප්‍රේමීකම නිසාම අමතක වෙනවා.

දැන් මේ විදිහට ගණකාධිකාරිතුමා මල්ලිටයි මල්ලිගෙ දෙවැනියටයි ඊට ඉස්සර ත් ඩොලර් දෙදාස් ගණන් දීල තියෙන්නෙ ඇග උණුසුම් කරන ව්‍යායාම සදහා හෝටල් හතරකට එහෙ මෙහෙ ඇවිදින විදිහට නවා තැනක් හොයා තියන්නත් එක්ක. ඒ වගේම විශ්වාසා පරමා මිත්‍රා කියල විභාග දෙපාර්තමේන්තුවේ වැඩවලට උදව්වටත් මෙයාල එක්කෙනෙක් අරං යනවා. මේව ගැන කවුරුහරි හිත රිදෙන කතාවක් කිව්වොත් විගණනය පහසුවෙන්න ඒකෙ ලොකු පුටුවකුත් කැන්දන් යන්නෙ විශ්වාසය තහවුරු කරන්නමයි. මේවට යන ළමයි කිහිප දෙනෙක්ගෙ පුහුණුකරුවන් ඇතුළට ඔබාගෙන මේ ටික කරන්න බැහැනෙ. තව පුහුණුකරුවන් ගියොත් පිටිටනිවල ළමයි එක්ක ඉදල නිරීක්ෂණ කටයුතු කරනින බැරි නිසා ළමයි ක්‍රීඩා නොකරන පුහුණුකරුවොයි පරිපාලනයට සම්බන්ධ නිලධාරි ටිකකුයි දුර දිග කල්පනා කරල මේකට යොදාගෙන තියෙන්නෙ මෙවැනි උළෙලක් තියෙන තැනෙක වටපිටාව කොහොම වෙන්නද කියල නිරීක්ෂණය කරන්න.

ඉතිං මෙහෙම අයිය කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ක්‍රීඩාවට වාසනාවක් නේද?

සබැඳි

Leave a Reply

Your email address will not be published.