ව්‍යාපාර වර්ධනයට ‘GLX Digital Evolver’

Read Time:2 Minute, 31 Second
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායයන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම අරමුණු කරගනිමින්, ‘ගුඩ් ලයිෆ් එක්ස්’ (Good Life X- GLX) ආයතනය 2021 මාර්තු මාසයේ දී ආරම්භ කර සති 12කට වැඩි කාලයක් සාර්ථකව පැවැත්වූ ‘GLX Digital Evolver’ වැඩසටහන පසුගිය දා නිමාවට පත් විය.

මාස තුනක කාලයක් පුරා පැවැති මෙම වැඩසටහනට ජර්මානු ආර්ථික සහයෝගීතා හා සංවර්ධන අමාත්‍යාංශය මූල්‍ය අනුග්‍රහය දැක්වූ අතර, වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී GIZ Sri Lanka ආයතනයේ දායකත්වය ද හිමි විය. වැඩසටහනේ සමාප්ති උත්සවය අන්තර්ජාලය හරහා පැවැත්විණි. ඊට ව්‍යාපාර 10ක නියෝජිතයෝ ද, ඩිජිටල් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයෝ 10 දෙනෙක් ද එක්වූහ. තව ද, ධනාත්මක චින්තන උපදේශකයකු මෙන්ම හෝටල් සංවර්ධන ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයකු ද වන RETRACE Hospitality හි නිර්මාතෘ චලන පෙරේරා ආරාධිත දේශකයකු ලෙස එම අවස්ථාවට සම්බන්ධ වූයේ ය. එහි දී වැඩසටහනට සහභාගී වූවන් හා නරඹන්නන් සමඟ සිය විශේෂඥ අදහස් හුවමාරු කරගත් ඔහු, සංචාරක ව්‍යාපාරයට අදාළ වැදගත් කරුණු මෙන්ම මෙම වැඩසටහනේ විශේෂ අවස්ථා පිළිබඳව ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කිරීමටත් කාලය යොදා ගත්තේය.
මෙම වැඩසටහනෙහි ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාලය හරහා අලෙවි මෘදුකාංගයක් වන TrekkSoft මෘදුකාංගය භාවිතයට ගත් ලංකාවේ පළමු සමාගම් අතරට පිවිසීමට Rediscover ව්‍යාපාරයට හැකි විය. ඊට අමතරව වැඩසටහනට එක්ව සිටි Infinity Vacations සමාගම අලුතින් නිර්මාණය කළ ‘That’s a Holiday’ ව්‍යාපාරය මඟින් තරුණ සහ යොවුන් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පැය 24 පුරා ක්‍රියාත්මක අන්තර්ජාලය හරහා සංචාරක ගමන් සැලැසුම් නිර්මාණය කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. තව ද, ගිලීමලේ (Gileemale) නව සන්නාමකරණය හරහා ඔවුන්ගේ සියවස් ගණනාවක් පැරැණි හෝටලයක් නව යුගයේ සංචාරකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට අන්තර්ජාලයට එක් කර තිබේ●

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post හල්පාතොට පොම්පාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නෑ
Next post උදය ගමාච්චි කාටූන් – ලංකා