“මහින්දානන්ද ජනාධිපතිතුමාට, පාර්ලිමේන්තුවට, කැබිනට් එකට, ජනතාවට, ගොවීන්ට බොරු කිව්වා”

අද(25) පාර්ලිමේන්තුවේදී ජනාධිපති වැය ශිර්ශය සංවාදයට ලක්වීමේදී මහින්දානන්ද දරුණු ලෙස හිටපු ජනාධිපතිවරයා පිලිබඳ දරුණු ප්‍රකාශයක් කිරීමෙන් පසු ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිළිතුරු දෙමින්.
“ඊයේ දුමින්ද දිසානායක හමුවුන වෙලාවක මහින්දානන්ද ගෙන් අහල තියනවා, මොකක්ද මහින්දානන්ද වාහන පාවිච්චිකළා කියල කියන කතාව කියල, එතකොට මහින්දානන්ද කියල තියනවා දන්නැද්ද දුමී අපේ ලොක්ක නග්ගන්ඩ ඕනෙ හන්ද මොනවහරි කියන්ඩ එපායෑ කියල. මම කියන්නේ ලොක්ක නග්ගගත්තට අපිට කමක් නෑ ඕනෙ විදිහක. අපිට ගහන්නේ නැතුව ලොක්ක නග්ගන්ඩ ක්‍රම ඕනෙ තරම් තියනවනේ. අපිත් ලොක්කගෙ නායකත්වය යටතේ ආණ්ඩුවේ ඉන්න අයනේ.
ගොවි පෙළපාලි සංවිධානය කරලා හවසට ශාකා සමිති හැදුව කියල මගේ නම නොකිය මහින්දානන්ද කිව්වා.
මේ මහින්දානන්ද ඇමතිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා, පාර්ලිමේන්තුවට බොරු කිව්වා, කැබිනට් එකට බොරු කිව්වා, ජනතාවට බොරු කිව්වා, ගොවීන්ට බොරු කිව්වා, පාරිබෝගිකයන්ට බොරු කිව්වා, ඒවායින් තමා කෘෂිකර්මාන්තය මහා අවුලකට පත්වෙලා මේ ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්වුණේ. එලෙස ආණ්ඩුව අප්‍රසාදයට පත්වෙන්ඩ ප්‍රධාන හේතුව මහින්දානන්ද ගේ හැසිරීම හා ක්‍රියාකලාපය. ඒ හැසිරීමෙන් පස්සේ තමයි ඔය ගොවියෝ පඹයෝ පුච්චන ඒවා පටන්ගත්තෙ. ඔබ තුමා මයි ඔබතුමාගේ පඹයෝ පුච්චගත්තේ. මහින්දානන්ද පාර්ලිමේන්තුවේ කතාකරන කොට හැමවෙලේම කියනවා, අපි ගාව බඩු තියනවා, මා ගාව බඩු තියනවා. මං ගාව වාර්තා තියනවා. මං ගාව ඔප්පුකරන්න ඒවා තියනවා. එහෙම බොරු අපිටත් කියන්න පුළුවන්. බඩු තියනවා නම් එලියට දානවා මිසක් හංගගෙන තියාගන්න ඕනෙ නෑනෙ. මම මේවා උපේක්ෂා සහගත ලෙස ඉවසන කෙනෙක්.” යනුවෙන් පැවසුවේය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.