රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ නමුත් පොහොර ගැසට් එක රිවර්ස්

රජයේ ප්‍රතිපත්තිය මෙය නොවුනත් අද සිට රසායනික පොහොර ආනයනය කිරීමට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
කෙසේ නමුත් හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ රසායනික පොහොර ආනයනයට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙන බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ,
“පසුගියඅප්‍රේල් 26 වනදා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා හරිත කෘෂිකර්මාන්තයක් කරා යොමු කිරීමට එයට කැබිනට් තීන්දුවට අනුව රසායනික පොහොර, පළිබෝධනාශක, දිලීරනාශක සහ වල්නාශක සම්පුර්ණයෙන් ආනයනය තහනම් කිරීමට ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඒ සියලු අභියෝග හමුවේ මේ පරිසර හිතකාමි කෘෂිකර්මයට ගොවීන් මේ මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8ක් තිබුණත් අද වෙන කොට 650,000ක් ගොවිබිමේ වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. නමුත් ජනතාවට සංවේදි ආණ්ඩුවක් හැටියට අපි ඊයේ තීන්දු කළා අප්‍රේල් මාසේ 26 වනදා ගැසට් කරන ලද අද දින සිට ඉවත්කර ගත්තා. ඒ අනුව පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කරලා විකුණන්න අවස්ථාව ලැබෙනව අද දින සිට. හැබැයි රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ.”

සබැඳි

Leave a Reply

Your email address will not be published.