එක්නැළිගොඩ සිද්ධියේ සැකකරුවන් ඇප මත නිදහස්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකු පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කර තිබේ.
සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව අද (27) කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දී ඇත.
නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීමෙන් අනතුරුව ඔවුන් පෙර ඇප මත මුදා හැරීමට නියම කර තිබුණි.
කෙසේවෙතත් චෝදනා ලැබ සිටි එම හමුදා නිලධාරීන්ට විදේශ ගමන් තහනම් කර ඇත.
යළි එම නඩුව එළඹෙන දෙසැම්බර් මස 18 වනදාට කල් තැබීය.
Source – LNW