සිරිල් ගාමිණි පියතුමන්ගෙන් පැය 08 ක් ප්‍රශ්නකරයි – “නීතිපතිවරයා මීට වඩා වගකීමෙන් යුතුව වැඩකරන්න ඕනේ”

සිරිල් ගාමිණි පියතුමන්ගෙන් පැය 08 ක් ප්‍රශ්නකරයි – “නීතිපතිවරයා මීට වඩා වගකීමෙන් යුතුව වැඩකරන්න ඕනේ”

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය දිනක සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදුකළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීමට ගරු සිරිල් ගාමිණි පියතුමන්ව අද(15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා පැය 08කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇත.
පෙරවරු 9.45ට පමණ සීඅයිඩී යට පැමිණි සිරිල් ගාමිණි පියතුමන්ගෙන් පැය 08කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගැනුනු අතර පියතුමන් එම දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණියේ ප.ව 5.45ට පමණය.
එහිදී මාධ්‍යවේදීන් ට අදහස් දක්වමින් පියතුමන් සඳහන් කර සිටියේ, හෙට දිනයේ නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණිය යුතු බවය.
” මෙහි සෑම නිලධාරියෙක් ම අපිට උදව් වුණා. අපි හෙට බලමු. වෙබ් සෙමිනා එකේ මම දුන්න උත්තරය සටහන් කරගත්තා නැවත. ප්‍රශ්න කිහිපයක් පමණයි අද අහන්න ඉඩ තිබුණේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ළඟ තියෙන තොරතුරු දෙන්න කියන එක නෙමෙයි. මෙලෙස කැඳවීමට හේතු වූ දීලා තිබුණ පිළිතුර සම්පූර්ණයෙන් ම පදනම් වෙලා තියෙන්නේ ජනාධිපති කොමිසම් වාර්තාවෙත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාවේ. ඒවා ප්‍රසිද්ධ වාර්තා දෙකක්. ඒවා අපි කියන්න ඕනේ නෑ CIDයට. ඒක ජනාධිපතිතුමා නීතිපතිවරයාට භාරදුන්න එකක්. ඒවා ප්‍රසිද්ධ දේවල්. කොමිසන් සභාවල සාක්ෂි විමසලා ඉදිරිපත් කරලා තියෙන නිර්දේශ අඩු ගානේ ක්‍රියාත්මක වෙන්නේ නැතිකම. ඒක නීතිපතිවරයාගේ අතේ තියෙන්නේ. නීතිපතිවරයා මීට වඩා වගකීමෙන් යුතුව වැඩකරන්න ඕනේ.”


Leave a Reply

Your email address will not be published.