වයඹ පළාත් ගුරු – විදුහල්පතිවරුන් විරෝධතාවයක

වයඹ පළාත් ගුරු – විදුහල්පතිවරුන් විරෝධතාවයක

ගුරු – විදුහල්පති එකමුතුවේ වයඹ පළාත් ගුරු – විදුහල්පතිවරුන් අද දිනයේ පාසැල් අවසන්වීමත් සමඟ කුරුණෑගල නඟරයට එක් වී විරෝධතාවයක නිරත වුවේ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පසුගිය දිනක සිදු කළ ප්‍රකාශයට විරෝධය දක්වමිනි.
මෙම අවස්ථාවට පළාතේ ගුරු – විදුහල්පතිවරුන් විශාල ප්‍රමාණයක් සහබාගීවී සිටි බව එහි සිටින අප වාර්තා කරු පවසයි.
වසර එක හමාරකට පසුව පාසල් යළි විවෘත කිරීමට යන අවස්ථාවේදී පාසල්වලට නොපැමිණෙන ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප අත්හිටුවීමට පියවර ගන්නා බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ පසුගිය දිනක ප්‍රකාශ කළේය.
පාසල් විවෘත කිරීමේ කටයුතුවලට බාධා කරන සහ විරුද්ධව ක්‍රියා කරන පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ආණ්ඩුකාරවරයා එහිදී සඳහන් කර සිටියේය.
පාසල් විවෘත කරන්නේ 21 වැනිදා වුවත් ගුරු සංගම් පවසන පරිදි ගුරුවරුන් පාසලට පැමිණෙන්නේ 25 වැනිදා බව කී ආණ්ඩුකාරවරයා එම යෝජනාව හකුලාගෙන 21 වැනිදාම පාසලට පැමිණෙන්නට සිතුවොත් හොඳයි යනුවෙන් ද තර්ජනාත්මකව පැවසුවේය.
මෙම ප්‍රකාශය හේතුකරගනිමින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජා කොල්ලුරේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේය.
ඡායාරුප – පුෂ්පා වීරසේකර

 


Leave a Reply

Your email address will not be published.