මහින්දානන්දගෙන් මිලියන 500 වන්දි ඉල්ලා නාමල් ගෙන් එන්තරවාසියක්

තමන් සම්බන්ධයෙන් සාවද්‍ය සහ අපහාසාත්මක තොරතුරු ප්‍රචාරය කිරීමට එරෙහිව නඩු නොදැමීමටනම් තම්න්ට රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස දන්වා සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න විසින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ වෙත එන්තරවාසියක් යොමු කර තිබේ.
අලුත්ගමගේ ඇමතිවරයාට රුපියල් මිලියන 500ක මුදලක් දින 14ක් තුළ වන්දි වශයෙන් ගෙවන ලෙස ඉල්ලා නීතිඥ සුනිල් වටගල මගින් මෙම එන්තරවාසිය යවා ඇත. සති දෙකක් ඇතුළත මුදල් නොගෙවන්නේ නම් නීතිමය පියවර ගන්නා බවටද එමගින් දන්වා තිබේ.
මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය පසුගිය දිනවල පෞද්ගලික රූපවාහිනී නාලිකාවලද ප්‍රචාරය කර තිබිණි.
මහා කන්නය සඳහා පොහොර ඉල්ලා ගොවීන් පාරට ගෙන ඒමට නාමල් කරුණාරත්න රසායනික පොහොර සමාගම්වලින් මුදල් ලබාගෙන ඇති බවට එම ප්‍රකාශය වක්‍රව සඳහන් කරන බවත් එය පදනම් විරහිත සහ ගොතන ලද ඒවා බවත් ඒවා ගණනය කරන්නේ ජවිපෙට සම්බන්ධ ක්‍රියාකාරී දේශපාලනඥයෙකු ලෙස තම සේවාදායකයාගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමට බවත් නීතිඥවරයා කියාසිටී.

සබැඳි

Leave a Reply

Your email address will not be published.