‘මතකද? 21/4 ‘ විමල්ගේ වැඩක් – මාදම්පේදී අතේ මාට්ටු

මඩ පෝස්ටර් තොගයක් සමග මාදම්පේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට පත් වීමත් සමග පසුගිය දින වල රට පුරා අලවමින් ගිය ‘මතකද? 21/4’ නම් නිර්නාමික පෝස්ටරයෙ ඇලවූයේ කවුරුන්ද යන්න හෙළි වී තිබේ.

එසේ මඩ පෝස්ටර් තොගයක් සමඟ මාදම්පේ ප්‍රදෙශයේදී අත් අඩංගුවට පත්ව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ හලාවත ආසන සංවිධායකවරයාය. ඔහුගේ නිවසේ තිබී, වර්ග දෙකකට අයත් මඩ පෝස්ටර් 3850ක් මාදම්පේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.  ඉන් එක් වර්ගයක් වී ඇත්තේ පසුගිය දින වල ඇලවූ ඉහත කී පෝස්ටරයයි.

එම පෝස්ටරය සහ විමල් වීරවංශ අතර ඇති සම්බන්ධය හෙළි වී ඇත්තේ ඒ අනුවය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.