ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58ක් සමඟ පුද්ගලයෙකු හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට සුචී ජාතික පාසලට පැමිණි වෑන් රථයක් තුළ තිබී මෙම ව්‍යාජ ජන්ද පත්‍රිකා සොයාගත් බව පොලිසිය සඳහන් කළේය. මුල්කිරිගල ප්‍රදේශයේ සිට මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය කර ඇති බවට අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර හම්බන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.