“සහරාන්ගේ දුරකථනයේ මදර් බෝඩ් පිට රටක ඔත්තු සේවාවක් රැගෙන ගිහින්” –

Read Time:2 Minute, 23 Second

ලොවම කම්පා කළ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ සහරාන්ගේ ජංගම දුරකථනයේ මව් පුවරුව විදෙස් රටක ඔත්තු සේවාවකට රැගෙන යාමට අණ දුන් පුද්ගලයින් කවුදැයි හෙළිකර ගතහොත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කර ගත හැකි වනු ඇතැයි ශ්‍රීලනිප මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.
කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට කතා කරන්නේ දේශපාලන වශයෙන් පහර දිය හැකි අය සම්බන්ධයෙන් පමණක් බව කී දයාසිරි අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බුද්ධි අංශ නිලධාරීන් අල්ලගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක බව ද සඳහන් කළේය.
සහරාන්ගේ දුරකථනයේ මදර් බෝඩ් එක ගත්තේ කවුද යන්න ගැන කිසිවෙක් කතා නොකරන බව කී ජයසේකර මහතා පොලිසිය විරුද්ධ වෙද්දීත් එය වෙනත් රටකට රැගෙන යන්නට උසාවි නියෝගයක් ලබාදී තිබෙන බව ද කීවේය.
2019 පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව එම මවු පුවරුවේ අවශ්‍ය සියළුම තොරතුරු ඇති බවත් ත්‍රස්ත ප්රහාර පිටුපස සිටි දේශපාලනඥයින් හා අනෙකුත් පුද්ගලයින් හඳුනා ගැනීමට ද එ‍යින් හැකි වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් දුරකතනය කොහේ හෝ රටක ඔත්තු සේවාවක් විසින් රැගෙන ගොස් ඇති බවත්, ඒ ගැන සහ එයට අණදුන් දේශපාලනඥයින් සොයා බැලුවහොත් අග මුල මෙන්ම එයට සම්බන්ධ අය සෙවිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් කුරුණෑගලදී පෙරේදා (28) පැවැති ලේ දන්දීමේ කඳවුරක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post දත්ත මකාදැමීම – මෘදුකාංග ඉංජිනේරුවා ඔක්.06 දක්වා රිමාන්ඩ්
Next post ආදරණීය කසිනි… ( Cassini)