කැරට් බීටි ලීස් දමා පොහොර හදයි

පොහොර හිගය නිසා එලවළු ඵලදාව මෙම කන්නයේදි සාර්ථක නොවු නිසා එම අස්වැන්න කපා ඉවත් කර කොමිපොස්ට් පොහොර නිෂ්පාදනයට යොදා ගන්නා බව නුවරඑළියේ ගොවීහු පවසති.
මෙම කන්නයේදි තමන් ලික්ස්, ගෝවා, කැරට්, බීට්, මාලු මිරිස් වගා කල බවත්, එම වගාව සදහා රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතා නොකල නිසා තම අස්වැන්නේ පැහැය සහ ඵලදාව අඩුවි ඇති නිසා එම එලවළු වලට වෙලදපොලේ මිලක් නොමැති බවත් ඔවුහු පවසති.
නුවරඑලිය ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් සුළු පරිමාණයෙන් එලවළු වගා කරන ගොවින්ට රසායනික පොහොර ලබා නොදෙන බවත්, තම වගාව එක වරම කාබනික පොහොර භාවිතයට හුරු කල නොහැකි බවත් ගොවීහු පෙන්වාදෙති.