සෝමලතා සුබසිංහ ප්ලේහවුස් ඉදිරිපත් කරන කෙටි නාට්‍ය තුනක්

‘සෝමලතා සුබසිංහ ප්ලේහවුස්’ රංග ශිල්පායතනය මඟින් එහි පුහුණුව ලැබූ සිසු සිසුවියන් සම්බන්ධ කරගනිමින් ‘ඩිලිවරි’, ‘ඒ ඔයාමද?’ සහ ‘ගුරුත්වාකර්ෂණයට එරෙහිව’ යනුවෙන් කෙටි නාට්‍ය තුනක් නිෂ්පාදනය කර ඇත. කෞෂල්‍යා ප්‍රනාන්දුගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා ප්‍රසන්න මහගමගේ, චන්දන අලූත්ගේ ඇතුළු පිරිසක් සම්පත් දායකත්වය ලබා දී තිඛෙන අතර කෙටි නාට්‍ය සඳහා නිලංක දහනායක සහ චමිල ප්‍රියංක අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.
මෙහි පළමු දර්ශනය නොවැම්බර් 08 වන දින සවස 3.30ට සහ 6.45ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙටර්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


