වසර 150ක් පැරණි කොම්පඤ්ඤ වීදියේ ගොඩනැගිල්ලක් කඩා ඉඩම ඉන්දියාවට දීමට සැරසෙයි

කොළඹ – කොම්පඤ්ඤ වීදියේ පිහිටි වසර 150 ක් පමණ ඉපැරණි ගොඩනැගිල්ලක් කඩා බිදදැමීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙන අතර ඊට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය විරෝධය පළකර තිබේ.
මෙම ගොඩනැගිල්ල පිහිටි ඉඩම ඉන්දියාවේ ටාටා නිවාස සංවර්ධන සමාගමට ලබාදීම සඳහා එම ගොඩනැගිල්ල ඉවත් කරන බවටද මාධ්‍ය වාර්තා පළවෙයි.
මෙම ගොඩනැගිල්ලේ කොටසක් පසුගිය ජුනි මස කඩාවැටී තිබුණු අතර ඉන් පසුව එය සම්පූර්ණයෙන් කඩාඉවත්කිරීම සදහා නාගරික සංවර්ධන අධිකාරිය කඩිනමින් කටයුතු කළේය.
මෙලෙස ඉපැරණි ගොඩනැගිල්ලක් එලෙස කඩා ඉවත්කිරීම පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය විරෝධය පලකර තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පවසන්නේ මෙය ගොඩනැගිල්ල ඉපැරණි ගොඩනැගිල්ලක් වුවද 1940 අංක 40 දරණ පුරාවිද්‍යා ආඥා පනත යටතේ අදාළ ගොඩනැගිල්ල ඓතිහාසික ගොඩනැල්ලක් ලෙස නම් කර නොතිබූ නිසා එය කඩා දැමීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධීකාරිට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව
කඩා බිදදැමීමට පෙර