රූපවාහිනී පාලනාධිකාරියට එරෙහිව මෛත්‍රීගෙන් පරීක්ෂණයක්

Read Time:1 Minute, 36 Second

පසුගිය 3 වැනිදා පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සමුළුව ජාතික රූපවාහිනීය ඔස්සේ සජීව ලෙස විකාශනය කිරීම පිළිබද විනය පරීක්ෂණයක් පැවැත්වෙයි. ජනාධිපති කාර්යාලයේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම පරීක්ෂණ මෙහෙයවයි.

ඒ අනුව සජීව විකාශයට අවසර ලබාදුන්නේ කෙසේද යන්න පිළිබද විමසීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දට හා අධ්‍යක්ෂ ජනරාල් සාරංග වි⁣ජයරත්නට ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

පසුගිය 3 වැනිදා සිද්ධිය වු ආකාරය සොයා බැලීමට සිකුරාදා දිනයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාව වෙත පැමිණියහ. මුලික පරීක්ෂණයට අදාලව සේවකයින් රැසකගෙන් එහිදී සාක්ෂි සටහන් කරගෙන ඇත.

මෙි අතර පසුගිය 03 වැනිදා මහා සමුළුව සජීව ලෙස විකාශය වන අවස්ථාවේ රූපවාහිනී සංස්ථාවට කඩා වැදුන මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් වහාම සජීව විකාශය අත්හිටුවන ලෙස නියෝග කළේය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post ගෝඨා සහ ශවේන්ද්‍රගේ වැඩ නිසා රටේ ආරක්ෂාව අනතුරේ
Next post රනිල් අගමැති කීමෙන් මෛත්‍රී-සජිත් හවුල බිඳවැටේ