කොතලාවල පනතටත් සංශෝධන ගේන්න ජනපති සූදානම්

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතෙහි කළ යුතු සංශෝධන ඇත්නම් ඒ සියලු සංශෝධන ගෙනඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ අද (3) පැවසීය.
ඇමති රමේෂ් පතිරණ මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මාධ්‍යවේදියා ප්‍රශ්නකර සිටියේ කොතලාවල පනතට හවුල්කාර පක්ෂවල සහය ගැනීමේ වැඩපිළිවෙලක් තිබෙනවාද? යනුවෙනි.
එසේම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම පනත හා සම්බන්ධ සියලු මතවාදවලට ප්රජාතන්ත්රවාදය හා මහජන මතය ගරු කරන ආණ්ඩුවක් ලෙස ඇහුම්කන් දෙන බව ද ඇමතිවරයා මෙහිදී පැවසුවේය.