කොතලාවල පනතට එරෙහි ඒකබද්ධ මධ්‍යස්ථානයෙන් අද (01)විරෝධතා රථ පෙළපාලියක්

“නිදහස් අධ්‍යානය වැනසීමට මිලිටරි යාන්ත්‍රණ සකසන කොතලාවල පනත හකුලාගනු!” මැයෙන් සඳහන් විරෝධතා පාඨ සහිත බැනර් ප්‍රධර්ෂණය කරමින්, කළු කොඩි සහිතව කොතලාවල පනතට එරෙහිව ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා ප්රගතිශීලී ජනතාව එක්ව අද (01) දැවැන්ත විරෝධතා රථ පෙළපාලියක් පවත්වන ලදී.
නුගේගොඩින් ඇරඹි මෙම රථ පෙළපාලිය ලිප්ටන් වටරව්ම දක්වා පැමිණි අතර එහිදී විරෝධතා රැලියක්ද පැවැත්විණි.