“මේ පාලනයෙන් බැටකන ජනතාව මුදාගෙන, රට ගොඩනැගීමේ වගකීම භාරගන්න ජාතික ජන බලවේගය සූදානම්”

Read Time:6 Minute, 44 Second

මෑත කාලයේ ඉතාම කෙටි කාලයක් තුළ ජනතා අප්‍රසාදයට සහ විරෝධයට ලක්වී තිබෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයෙන් බැටකන ජනතාව රට ගොඩනැගීම සඳහා ජාතික ජන බලවේගය වටා ඒකරාෂීවන ලෙස ඉල්ලා සිටී.
අද (01)දින කොළඹදී පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මෙම ඉල්ලීම කළේය.
රට ගොඩනැගීමේ වගකීම භාරගන්න ජාතික ජන බලවේගය සූදානම් බව ඔහු අවධාරණය කළේය. බලය ලබාගැනීම අරමුණු කරගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ඒ වටා ඒකරාෂීවන ලෙස සමස්ත ජනතාවගෙන ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
සටන් දෙකක් නොව එක සටනක් – අදිනීතීඥ ලාල් විජේනායක
රටේ ආර්ථිකය ගොඩනැගීම සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගීම සටන් දෙකක් නොව එකම අරගලයක් බව ජාතික ජන බලවේගයේ අධිනීතීඥ ලාල් විජේනායක අවධාරණය කළේය. මේ නිසා ආර්ථිකය සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීමේ අරගලයට ඒකරාෂීවන ලෙස ඔහු සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
නැවත පාවාදීමටක හසු නොවන්න – ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනී අමරසූරිය
රට පත් වී තිබෙන අර්බුදයන් හමුවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියමින් පෙළගැසෙමින් තිබෙන ප්‍රතිගාමී වලවේගවල නැවත පාවාදීමකට හසු නොවන ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනී අමරසූරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජතාක ආරක්ෂාව ගොඩනගන බව ආණ්ඩුව පැවසුවද පවුල් තුළ, වැඩපළ තුළ සහ ප්‍රජාව අතරේ ජනතාව දැඩි ආනාරක්ෂිත බවට පත්වී ඇතැයිද එයින් ගොඩඒම සඳහා පවාදීම්වලට හසුනොවී ජාතික ජනබලවේගය වටා ඒකරාෂීවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියාය.
නිල් කොළ වෛරස් සමාජ දේහය විනාශ කරලා – මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිවසර 73ක් පුරා රට පාලනය කළ නිල් කොළ වෛරස් පාලනයන් කොවිඩ් වෛරසයට වඩා මේ සමාජ දේහය විනාශ කර ඇති බව මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පවසයි.
ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මගේ ජීවිත කාලය තුළ මුණගැසුණු අති විශිෂ්ඨතම සටන් බිම” ජාතික ජන බලවේගය බවය. ප්‍රඥාවන්තයින් සහ ප්‍රගතිශීලීන් එක් වී සමාජ පරිවර්තනයක් කරා ගෙනයන මෙම ගමණ ඒකරාශී වන ලෙස මහාචාර්යවරයා සියලු ජනතාවගෙන් ඉල්ලි සායටී.
සබුද්ධික බලවේග සූදානම් – මහාචාර්ය ලියනගේ අමරකීර්ති
මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගෙන රට ගොඩ නැගීමේ සබුද්ධික බලවේග ජාතික ජන බලවේගය වටා එකතු වී තිබෙන බැවින් ජනතාව ඒ වටා ඒකරාෂී වන ලෙස සාහිත්‍යවේදී මහාචාර්ය ලියනගේ අමරකීර්ති ඉල්ලා සිටියේය.
රට පරිවර්තනයක් කිරීමට අවශ්‍ය ජන බලවේග ස්වභාවිකවම සියලු ක්ෂේත්‍රවලින් නැගී සිටින බවත් එය භාරගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බවත් මහාචාර්ය ලියනගේ අමරකීර්ති අවධාරණය කළේය.
ජාතික ජනබලවේගය ලේකම්, ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ, ජාතික විද්වත් සංවිධානයේ සභාපති, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන අබේරත්න, රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය, ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ක්‍රිෂාන්ත අබේසේන, රුහුණ විශ්වවිද්‍යාලය මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති, මහාචාර්ය උපාලි පන්නිලගේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය, ලේඛක ලියනගේ අමරකීර්ති, සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙය් ගණකාධිකරණ අධ්‍යය අංශයේ මහාචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු, හිටපු අමාත්‍යාංශ ලේකම් හා සීමානීර්ණය අභියාචනා කමිටුවේ හිටපු සභාපති අශෝක පීරිස්, ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක, ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී සහ ප‍්‍රගතිශීලී ස්ත‍්‍රී එකමුතුවේ ජාතික කමිටු සාමාජික ආචාර්ය හරිනි අමරසූරිය, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රයේ වසන්ත දිසානායක, 71 සහෝදරත්ව සංසදයේ ජයතිලක හෙට්ටිආරච්චි, වාමාංශික එක්සත් බලවේගයේ ප‍්‍රධාන ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක, ජාතික විද්වත් සංවිධානයේ නීතීඥ උපුල් කුමාරප්පෙරුම, නීතීඥ හර්ෂණ නානායක්කාර, නීතිඥ චරිත් ගල්හේන, ප‍්‍රගතිශී ස්ත‍්‍රී එකමුතුවේ නීතිඥ කෞෂල්‍යා ආරියරත්න, ජනනියමු කලාකරුවෝ සංවිධානයේ සාහිත්‍යවේදි ජයතිලක කම්මැල්ලවීර, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ, වාමාංශික එක්සත් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද රත්නායක, ජනබබෝධ කේන්ද්‍රයේ හැඩ්ලි පෙරේරා, සමාජ ක‍්‍රියාකාරිනී චමිලා තුෂාරි, අලුත් පියාපත් සංවිධානයේ ව‍්‍රායි බල්තසාර්, මීගමු පුරවැසි පෙරමුණේ අරුණ ශාන්ත නෝනිස් සහ හුස්මට හුස්මක් සංවිධානයේ චමින්ද ජයසූරිය යන අය මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වී සිටියහ.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

5 thoughts on ““මේ පාලනයෙන් බැටකන ජනතාව මුදාගෙන, රට ගොඩනැගීමේ වගකීම භාරගන්න ජාතික ජන බලවේගය සූදානම්”

Leave a Reply

Your email address will not be published.

Previous post OPPO වෙතින් වඩාත් දියුණු හා සුරක්ෂිත Flash Charging Technology
Next post ඇසළ සෑය මැද හළු විය ශ්‍රී පතුල