අජිත් රෝහණ ළමාරක්ෂක අධිකාරියට !

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්කර තිබේ.
වසර තුනක් සඳහා වලංගු වන මේ පත්කිරීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බාරගෙන ඇත. නීතිඥවරයෙකු ද වන අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කෙරුණේ මෑතකදී ය.