සජිත් නාම යෝජනා අත්සන් කරද්දී එජාප කිසිදු නායකයෙක් නෑ

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කිරීමේ අවස්ථාවට එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හෝ ලේකම් අකිල විරාජ් කාරියවසම් හෝ ඉහළ පෙළේ නිලධාරීන් කිසිවකු සහභාගී වී නොසිටීම සම්බන්ධයෙන් සජිත් පාර්ශ්වය තුළ දැඩි කතාබහක් ඇතිව තිබේ.
දැනටමත් සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන ප්රචාරක කටයුතු සිරිකොත එජාප මූලස්ථානයෙන් බැහැරව පක්ෂ නිල යාන්ත්‍රණයෙන්ද දෑත් කර ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සිදු කරමින් සිටී.
මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයද ජනාධිපතිවරණයට අදාල කලබලකාරී තත්වයක් නැති අතැර ඇතැම් අවස්ථාවල ගේට්ටුද වසා දමා පාළුවට ගිය ස්වභාවයක් දක්නට ඇත.