“පොලීසිය කාන්තාවන්ට එපාම කරපු තැනක් කරලා”

Read Time:3 Minute, 45 Second

පොලීසිය කාන්තාවන්ට එපාම කරපු තැනක් බවට පත්කරලා තියෙන්නේ ‘ඩා බිඳු සාමූහිකයේ’ වැඩසටහන් සම්බන්ධීකාරීනි චමිලා තුෂාරි පවසයි.
බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ (19) පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ සංවිධාන ගණනාවක් මේ මාධ්‍ය හමුවට එක්වීය.
“ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඉන්න පොලීසිය විසින් කාන්තාවන්ට සිදුකරන අඩන්තේට්ටම් නිදහස් වෙළඳ කලාපය සම්බන්ධයෙන් ඉතාමත්ම හිංසනකාරීයි. නිදහස් වෙළඳ කලාපයේ වැඩ කරන කාන්තාවන් තමන්ට තිබෙන ගැහැට පිළිබඳව පොලීසිය ගැන විශ්වාසයක් නැති නිසාම පැමිණිලි කරන්නේ නැහැ. මේ කලාපයේ පැය 24ම වැඩ කරන කාන්තාවන්ට කිසිම සුරක්‍ෂිතතාවයක් නැහැ. යම් දේකට පොලීසියට යනවා නම් ගේට්ටුව ළඟ ඉඳන්ම තමන්ට සිදුවූ දේ ගැන කියන්න සිදුවෙලා තියෙනවා. ඒ පිළිබඳ කිසිම රහස්‍යභාවයක් නැහැ. මේ නිසා කාන්තාවෝ බොහෝ අසාධාරණකම්වලට ලක්වෙනවා. නිදහස් වෙළඳ කලාප ක්‍රියාත්මක වන ස්ථානවලට පැය 24 ක්‍රියාත්මක වන පොලීසියක් අවශ්‍යයි. පොලීසිය තුළ පවතින ළමා හා කාන්තා ඒකකය උදේ 8 ඉඳලා හවස 5 වනතුරු විතරයි ක්‍රියාත්මක වෙන්නේ. අනික් පැත්තෙන් පැමිණිල්ලක් කරන්න ගියාම තරුණ කාන්තාවන්ට පොලීසියෙන් අනියම් සම්බන්ධතා පටන් ගන්න උත්සාහ කරනවා. නිදහස් වෙළඳ කලාපය තුළ සිදුවන හිංසනයන් ගැන පැමිණිලි කරන්න බැරි තරමට කාන්තාවන් හෑල්ලුවට ලක්වෙනවා.
ළමා හා කාන්තා කාර්යාංශය එක් වෙලාවකදී බෞද්ධ කටයුතු අමාත්‍යාංශය යටතට පත්කළා. ඒ වැඩවල ප්‍රායෝගික තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. කොවිඩ් නිසාම පීඩාවට පත්වෙලා ඉන්න හැම ක්‍ෂේත්‍රයේම කාන්තාවන් බැරෑරුම් තත්වයක ඉන්නේ. මහ බැංකු වාර්තා අනුව මේ රටේ ආර්ථිකයේ කොඳු නාරටිය කාන්තාවෝ කියලා හඳුන්වන්නේ. නමුත් යම් පැමිණිල්ලකට හෝ වෙනත් කටයුත්තකට පොලීසියට ගියාම සලකන්නේ ඒ වටිනාකමකින් නෙවෙයි. පොලීසිය කාන්තාවන්ට අන්තිම එපා කරපු තැනක් බවට පත්කරලා තියෙන්නේ. මේ තත්වය වහාම වෙනස් කරන්න මැදිහත් වෙන්න කියලා වගකිවයුත්තන්ට බල කරනවා.”
ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරීනි චමිලා තුෂාරි, අලුත් පියාපත් සංවිධානයේ ව්‍රායි බල්තසාර්, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ ලවීනා හසන්ති, අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, මුස්ලිම් කාන්තා පර්යේෂණ කේන්ද්‍රය රස්මිනා හුසේන් ඇතුළු පිරිස ඒ සඳහා එක් වී සිටියේය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

One thought on ““පොලීසිය කාන්තාවන්ට එපාම කරපු තැනක් කරලා”

Leave a Reply

Your email address will not be published.

Previous post බදුර්දීන්ගේ නිවසේ සිටි දැරියගේ මරණය ගැන ඇත්ත හෙළිකරන්නැයි හැටන් උද්ඝෝෂණ
Next post සාකච්ඡා අසාර්ථකයි ගුරු වර්ජනය දිගටම