කතරගම ඇසල පෙරහරට ගිය නැටුම් කණ්ඩායම්වල 15 කට කොරෝනා

කතරගම මහා දේවාලයේ ඇසල පෙරහරට සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15 දෙනකුට කොරෝනා ආසාදනයවී ඇති බවට ඊයේ (18) තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
ගාල්ල ප්‍රදේශයෙන් සහ මාතර ප්‍රදේශයෙන් පෙරහැරට සහබාගී වීමට ගොස් සිටි කණ්ඩායම් දෙකකින් මෙම කොරෝනා ආසාදිතයින් හමුවී ඇත.
එනම් ගාල්ල ප්‍රදේශයෙන් ගොස් ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ නතරව සිටි නැටුම් කණ්ඩායමක 11 දෙනෙකුටද, මාතර ප්‍රදේශයෙන් ගොස් තරුණ බෞද්ධ සංගම් විශ්‍රාම ශාලාවේ නතරව සිටි පන්දම් කණ්ඩායමේ 04 දෙනෙකුටද මෙසේ කොරෝනා ආසාදනයවි තිබේ.
මෙම නැටුම් කණ්ඩායම්වල සාමාජිකයින්ට පෙරේදා (17) සිදුකරන ලද ඇන්ටිජන් පරික්ෂණවලදි ආසාදිතයින් බවට තහවුරුවි ඇත.
හඳුනාගැනීමෙන් පසු මෙම ආසාදිත නැට්ටුවන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමු කිරිමට සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරිමටද පියවර ගෙන ඇති බවද දකුණු පළාත් සේඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.