ජනාධිපති විසින් දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති කරයි

මරණිය දණ්ඩනය ලබා සිට ජනාධිපති සමාවෙන් නිදහස ලද දුමින්ද සිල්වා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය සඳහා නම් කර තිබේ.
ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන වෙත ඒ බව ලිඛිතව දැනුම් දී ඇත.
ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට දුමින්ද සිල්වා ව පත්කිරීමට ජනධිපතිවරයා සිය අනුමැතිය දී ඇති බවයි එම ලිපියේ සඳහන් වේ.