ශ්‍රීලනිපයේ කොටසක් අලුත් පාරකට හැරෙයි

Read Time:1 Minute, 58 Second

මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය හෝ රනිල් වික‍්‍රමසිංහ පාර්ශ්වය හෝ නොමැති පුළුල් සන්ධානයක් ගොඩනගා පොහොට්ටුවේ හෝ එක්සත් ජාතික පක්ෂයේ නොවන වෙනත් අපේක්‍ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ශ‍්‍රීලනිපයේ එක් පාර්ශ්වයක් තීරණය කර ඇත.

ඊට අදාළ තීරණාත්මක සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේදී පසුගියදා පවත්වා තිබේ.

එජනිස මහ ලේකම් මහින්ද අමරවීර, ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න බණ්ඩාර, එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ඒ සඳහා සහභාගි වී ඇත. ඔවුන්ට අමතරව ශ‍්‍රීලනිප හිටපු මහලේකම් ආචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා ඇතුළු විපක්‍ෂයට සම්බන්ධ විද්වතුන් පිරිසක්ද එම සාකච්ඡාව සඳහා සහභාගි වී තිබේ.

මෙම සන්ධානය ජාතික ජන බලවේගය සමග සම්බන්ධ වී වැඩ කළයුතු බවටද මෙහිදී යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.

කෙසේ වෙතත් සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ සන්ධානයට එකතු කර ගැනීමට අවශ්‍ය කරන සාකච්ඡා මෙම සතියේදීම ආරම්භ කරන බවද ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය. එම සන්ධාන සඳහා රාජපක්‍ෂවරුන් හෝ රනිල් වික‍්‍රමසිංහ හෝ ඔහුට හිතැති හෝ කිසිදු අයකු සම්බන්ධ කර නොගැනීමටත් එහිදී තීරණයකට එළැඹ ඇත.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post දිල්රුක්ෂි කියන ඇමතිවරයා වජිර අබේවර්ධන ද?
Next post “දේශපාලනඥයන්ගේ උවමනාවට රැකියා දෙන්න නිලධාරීන්ට බෑ”