දිල්රුක්ෂි කියන ඇමතිවරයා වජිර අබේවර්ධන ද?

දිල්රුක්ෂි කියන ඇමතිවරයා වජිර අබේවර්ධන ද?

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම නීති ක්ෂේත්‍රයේ ද ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ගෝඨාභය  රාජපක්ෂට එරෙහිව නඩු පැවරීම වෙනුවෙන් නැවත පෙනී නොසිටින බවට නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කරන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කරන ප්‍රකාශයක් ඇතුලත් හඬපටය හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන  බරපතල චෝදනාවකට ලක්වීමේ අවධානමක් මතුව තිබේ.

ඊට ආසන්න හේතුව වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය , විසින් සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් නිශ්ශංක සේනාධිපති වෙත සිදුකර ඇති අභියෝගයයි. 

විශ්වාසවන්ත කටයුතු   දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ලෙස දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අවධාරණය කර දක්වන අමාත්‍යවරයා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන බවය. ඔහු මේ කටයුත්ත සඳහා මැදිහත්ව ඇති බවත් ඒ සම්බන්ධව ඉදිරියේ දී තවත්  තොරතුරු අනාවරණය වනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සිය ෆේස් බුක් ගිනුමේ තබා ඇති සටහන අනූව  ඉතා පැහැදිලිව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වෙත නිශ්ශංක සේනාධිපති සමග කතා කිරීමට දුරකථනය ලබාදී ඇත්තේ යහපාලනය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකි. ඒ අමාත්‍යවරයා කවුද යන්න ඇය අනාවරණය නොකරන්නේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මේ වන විටත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ලෙස  නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන රජයේ නිලධාරිනියක වන නිසාය.

මේ සම්බන්ධ චෝදනාව වජිර අබේවර්ධන අමාත්‍යවරයා වෙත යොමුකරන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙත පසුගියදා  සිංගප්පූරු රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට යාම සඳහා විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත්කර තිබීම සම්බන්ධවද වජිර අබේවර්ධන අමාත්‍යවරයා චෝදනා ලැබූ බවයි.

එසේම ඔහු නිශ්ශංක සේනාධිපතිගේ හිතවතෙකු බවත් රාජපක්ෂ රෙජීම පාලනය තුළ සිදුවූ නීති විරෝධී සහ සාපරාධි අපරාධ සම්බන්ධව නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීම වැලැක්වීමට ක්‍රියා කිරීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ පවා විවිධ අවස්ථාවල සැකසංකා මතුවූ විවේචනයට භාජනය වූ අමාත්‍යවරයෙකු ලෙස වජිර අබේවර්ධන ප්‍රකට බවත් එම ආරංචි මාර්ග සිහිපත් කරයි.

Source – newstube


Leave a Reply

Your email address will not be published.