සජිත් වගේ ළදරුවෙක් එක්ක වැඩ කරන්න තමන් ලෑස්ති නැති බව සම්බන්ධන් කෙලින්ම කියයි

ජාතික ගැටළුව සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක්, ක්‍රියාකාරීත්වයක්, සංවේදීතාවයක් හෝ උනන්දුවක් නොමැති සජිත් ප්‍රේමදාසට සහාය පළකිරීමට තමන්ට නොහැකි බව දෙමළ ජාතික සන්ධානය සෘජුවම ප්‍රකාශ කර තිබේ. 

ඒ සජිත් පාර්ශ්වය සහ දෙමළ ජාතික සන්ධානය අතර ඊයේ (15) පැවති සාකච්ඡාවකදීය. එම සාකච්ඡාව පෙරවරු 11.00ට පමණ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ නිවසේදී පවත්වා ඇති අතර ඊට සජිත් පිල වෙනුවෙන් මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර යන අමාත්‍යවරුන් සහභාගී වී ඇත. සාකච්ඡා සම්බන්ධීකරණය සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද සහභාගී වී තිබේ.

එහිදී සාකච්ඡාව ආරම්භ කරමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් මුලින්ම සජිත් පිලෙන් විමසා තිබුණේ ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ඉදිරි වසර 10 වෙනුවෙන් ඔවුන්ට ඇති සැලැස්ම කුමක්ද යන්නය. එසේම ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ට පැමිණීමේදී ශ්‍රී ලංකාව හසුවන “මධ්‍ය ආදායම් උගුල” පිළිබඳ සජිත් පිලට ඇති විසඳුම කුමක්දැයි යන්නත් අමාත්‍යාංශ 30 සඳහා වෙන් වෙන්ව ක්‍රියාකාරී සැලසුම් ඔවුන්ට ඇතිද යන්නත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විමසා ඇත. 

ඊට පිළිතුරු දෙමින් මංගල සමරවීර පවසා ඇත්තේ ඒ සියල්ල ඉදිරියේදී සකස් කර දිය හැකි බවයි. 

ඉන් අනතුරුව මාතෘකාවට අවතීර්ණ වෙමින් දෙ.ජා.ස. නායක ආර්. සම්බන්ධන් විමසා ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියාකාරී ඉතිහාසයක් තබා ඒ ගැන දැනුමක්, අවබෝධයක්, සංවේදීතාවයක් හෝ අවම වශයෙන් උනන්දුවක්වත් නොමැති දේශපාලනික ළදරුවකු වන සජිත් ප්‍රේමදාසට තමන් සහාය දෙන්නේ කෙසේද යනුවෙනි. තමන්ට තමන්ගේ ජනතාව හැමදාමත් රැවටීමට ඉඩදිය නොහැකි බවයි බව ඔහු අවධාරණය කර ඇත.

එහිදී ඊට මැදිහත් වෙමින් මංගල සමරවීර පවසා ඇත්තේ තමන්ට මේ සියල්ල නිවැරදි කරගැනීමට හැකි බවත් සජිත් ප්‍රේමදාස යනු තමන්ට හදා ගත හැකි පුද්ගලයකු බවත්ය. 

සම්බන්ධන් දිගටම අදහස් දක්වමින් විමසා ඇත්තේ මෙතක් ඉතිහාසය තුළ මේ පිළිබඳව වචනයක් හෝ කතා නොකළ සජිත් ප්‍රේමදාසව එක්වරම පැරෂූටයකින් ගෙන්විත් මැදට බැස්සා ඔහුව විස්වාස කරන්නැයි තමන්ට කියන්නේද කියාය. 

LNW

සබැඳි

Leave a Reply

Your email address will not be published.